ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල් වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි මගින් දෙදෙනෙකු වන අතර මොවුන් ඊයේ දින එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත්කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරස සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී ඔවුන්ගේ ගමන්මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇත.
අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 22300, යුරෝ 63500, ස්ටර්ලින් පවුම් 8725 , සවුදි රියාල් 292,000 හා diram 75000 විය. මෙම මුදල් වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට ආසන්න වන බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

















good job
It’s unbelievable that smuggling foreign currency is the reason for unavailability of Dollars. Purely it’s economic mismanagement & govt. Should not try to make silly stories to get away from charges being made against it.
අර ශ්‍රී ලන්කන් air lines වලින් ගෙනිච්ච printed articles මම හිතන්නේ ඒ රටේ බෙදන්න ගහපු අත් පත්‍රිකා තොගයක් වෙන්න ඇති