spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටේ තැන තැන විදුලි සැපයුම විසන්ධි වෙයි

මේවන දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීමක් සිදුව ඇති බව වාර්තා වනවා. කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට මෙම විදුලි විසන්ධි වීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙලෙස හදිසි විදුලි බිඳ වැටීම් සිදුව ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටිනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෘ නවමනි සඳහන් කර සිටියේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවෝට් 300ක හිඟකමක් මේ හේතුවෙන් ඇතිවී තිබෙන නිසා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම ඇණ හිටිමකට ලක්ව ඇති බවයි.

තාප විදුලිබලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන තෙක් මෙලෙස විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි බවටද ඔහු ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?