රටේ තත්වෙත් එක්ක සංගීත වැඩවලට මගේ හිත දෙන්නේ නෑ

උමාරා සිංහවංශ කියන්නෙ විශේෂ ගායන දක්ෂකම් පෙන්වන අතිදක්ශ ගායන ශිල්පිනියක්.කස්තුරි සුවඳ ගීතයෙන් ප්‍රේක්ෂකයන් අතර විශාල ඉඩක් අත්කරගන්නා ඇය ගායන ක්ශේත්‍රයේ නොබසින තරුවක්.අද උමාරා සිංහවංශ සමඟයි අපේ සොඳුරු කතාබහ අපි වෙන්කලේ.

ඉතිං උමාරා කොහොමද ජීවිතේ ?

රටේ පවතින වාතාවරණය එක්ක එදිනෙදා කටයුතු කරගෙන යනවා.මගෙ සංගීත පාසලේ වැඩකටයුතු වගේම මගේ සංගීත වැඩකටයුතුත් කරගෙන සාමාන්‍ය විදියට ජීවත් වෙනවා.

මේ දවස් වල වැඩ මොනවද ?

මේ දවස් වල නම් ටිකක් කාර්ය බහුලයි මගේ කටහඬ පුහුණු කිරීමේ පාසලේ කටයුතු නිසා.අවුරුදු 4ත් 6ත් අතර ඉන්න දරුවන්ට අපි විශේෂ පාඨමාලාවක් කරගෙන යන්න තීරණය කරලා තියනවා.ඊටඅමතරව Seniors ලට juniors ලට මේ දවස් වල බඳවා ගැනීම් සිද්ධවෙනවා.අමතරව මගෙ Music වැඩත් කරනවා.

පවුලෙ විස්තර මොනවද?

මගේ සැමියා රිෆ්කි.මගේ ආදරණීය පුතා රයාන්.ඊයෙ පෙරේදා පුතාගෙ 09 වෙනි උපන්දිනය සැමරුවා.මගේ පවුලෙ විස්තර කිව්වොත් අම්මයි තාත්තයි අයියලා දෙන්නයි නංගියි.

උමාරා ඇයි මෙච්චර සංවේදී වෙන්නෙ?

මං හිතන්නෙ සංවේදීකම අපි හැමෝටම පොදුයි.මනුෂ්‍යයෙක් විදියට අපේ තියන විශේෂත්වය තමයි සංවේදීකම.ඒක කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා හැඟීම්බර බව Handle කරන විදිය අනුව.මගේ දුර්වලකම තමයි මට සංවේදීකම දරාගෙන ඉන්න අමාරුයි.

කොහොමද ඔබ ජීවිතේ එන ප්‍රශ්න වලට මූණ දෙන්නෙ?

මට එන ප්‍රශ්න සියල්ලක්ටම මූණ දෙන්න ලෑස්තිවෙලා තමයි මම මගේ දවස පටන්ගන්නෙ. අපිට කොයිවෙලාවෙ මොනවා වෙන්න බැරිද කියන එක හැමවෙලේම මම හිතනවා සහ ඒ වගේ වෙලාවට අපි ප්‍රශ්න භාරගන්න විදිය අනුව තමයි අපිට ප්‍රශ්න වලට මූණ දෙන්න පුලුවන්.මොන ප්‍රශ්නයක් ආවත් මම පැනික් වෙන්නෙ නෑ.ඕන දේකට ඔට්ටුයි කියන මතේ තමයි මම ඉන්නෙ.

ජීවිතේ වැටිච්ච තැන් මොනවද?

ගොඩක් තියනවා ඒත් මගේ ජීවිතේ මම වැටිච්ච තැන් මම blessing එකක් විදියට බාරගන්න කෙනෙක්.මම එතන ඉදන් දුක්වෙන කෙනෙක් නෙමෙයි.මම ස්තූති වන්ත වෙනවා ඒ තැන්වලට.ඒවයින් මම හොඳට පදම් වුණා.ඒ වෙලාවට අනුව මම ප්‍රශ්නවලට මූණ දෙනවා.

උමාරගෙ ගීත වලින් ඔබ කැමතිම ගීතය මොකක්ද?

හැම ගීතයක්ම මට සුවිශේෂීයි.හැම එකකම ලොකු කතාවක් තියනවා.ඒ අත්දැකීම් විශාලයි.හැබැයි මං ප්‍රේක්ෂකයන් අතරට වැඩියෙන්ම ගියේ වස්සානේ ගීතයෙන්.මම ස්තූතිවන්ත වෙනවා අමිල දිල්හාන්ටයි S මාධවටයි.

දැන් බිහිවෙන Reality තරු ගැන මොකද හිතන්නෙ?

ගොඩක් හොඳයි. ගොඩක් දක්ෂයි අපේ තරඟකරුවන්.අපි කාලයත් සමඟ ඉදිරියට යන්න ඕන.ඔවුන් ගායනා කරන ශෛලීන් මොඩන්.අපි දැන් අවුරුදු කීපයකට කලින් ගත්තොත් ඒවත් එක්ක Compare කලාම දැන් තියන Talents හොඳයි.හොඳ Level එකක ඉන්නවා.

එයාලට දෙන්න තියන උපදෙසක් කියන්න කිව්වොත්?

මේ හම්බවෙලා තියන Chance එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා.practice කියන දේ නිතරම කරන්න.පොලවෙ පය ගහලා ජීවත් වෙන්න.කවදාවත් මුල අමතක කරන්න එපා.තේ හදන කෙනාගෙ ඉදන් මියුසික් සප්ලයර්,ජජ් බෝඩ් එක වෙනකන්ම හැමෝටම එක වගේ සලකන්න.ලෝබ නැතුව මහන්සි වෙන්න.නිදහසට කරුණු කියන්න එපා

මොනවද ඉදිරි වැඩ කටයුතු?

සංගීත කටයුතු චුට්ටක් එකම තැන තියනවා මොකද රටේ තියන තත්වෙත් එක්ක.ඒ නිසා මට ඒ වැඩ වලට හිත දෙන්නෙ නෑ.මගේ සංගීත පාසලේ වැඩ කටයුතුත් කරනවා

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56