රටේ තත්ත්වය අවදානම් – වෛද්‍ය සංගමයෙන් හදිසියේම ඉල්ලීමක්

සියලු සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ 3වැනි මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ,

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන කරුණු 6ක් යටතේ වසංගත රෝග අංශයෙන් ඉල්ලීමක් කළා. නැවත රට විවෘත කිරීමට නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතුයි. සෞඛ්‍ය සේවකයින් 300කට අධික ප්‍රමාණයකට දැනටමත් කොවිඩ් ආසාදනය වෙලා. පිරිසක් මියගිහින් තියෙනවා.

රෝහල් කොච්චර තිබුණත් දැන් රෝගීන් බලාගන්න සෞඛ්‍ය සේවකයින් අඩුවෙමින් පවතිනවා. මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයගේ දරුවන් ද විශාල අවදානමක ඉන්නේ. ඒ නිසා තමයි අපි තුන්වෙනි මාත්‍රාවක් ඉල්ලන්නේ.” මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ, “අපිට දැනගන්න ලැබිලා තියෙනවා සම්පූර්ණ ෆයිසර් එන්නත හමුදාවට භාර දෙන්නේ.

අපි දන්නේ නෑ මොකක්ද මේකේ විද්‍යාත්මක පදනම කියලා. වසංගත රෝග විද්‍යා අංශය කිව්වද මේක හමුදාව ලවා විද්දුවොත් මේකෙ වැඩි කාර්යක්ෂමතාවයක් ලැබෙනවා කියලා. හමුදාවට පමණක් එහෙම නැතිනම් මිලිටරියට පමණක් ෆයිසර් එන්නත ලබාදෙන්න ගත්ත තීරණය ගැන අපි දැඩි අප්‍රසාදය පළකරනවා. හමුදාවට එන්නත් ලබාදෙනවා නම් යුද්දෙ කාලේ ආයුධ ලබාදෙන්න තිබ්බෙ සෞඛ්‍ය අංශයට. 

ඒ ඒ තාක්ෂණික කණ්ඩායම්වලටයි ඒ කටයුතු භාරදෙන්න ඕනේ. අපි මේ ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාවත් දැනුවත් කරලා තියෙන්නේ. අද දින මෙම තීරණය සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම මේ එන්නත්කරණ ක්‍රියාවලිය ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ සංස්ථා සභාපතිවරුන් නම්, එහෙමත් නැත්නම් වෙනත් පුද්ගලයින් නම් ඒ එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක වෙන්නේ නෑ.”

  1. Plz don’t give in to this bunch of selfish greedy grabby medicos. It’s all about ‘me me me’ for them not about the rest of the population. Keheliya send these cry babies away with a flea in their ear



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46