රටේ ණය බර ආර්ථිකයට දරාගත නොහැකියි – IMF වාර්තාව කියයි

මෙරට ණය බර ආර්ථිකමය හා දේශපාලනමය වශයෙන් දරාගත නොහැකි මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ ආටිකල් ෆෝ උපදේශන සහ කාර්ය මණ්ඩල වාර්තාවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි වසර කිහිපය තුළ ණය පාලනය කළ හැකි සුරක්ෂිත මට්ටමක් කරා ගෙන ඒමට අවශ්‍ය මූල්‍යමය තත්වය ශක්තිමත් කර ගැනීමේ ප්‍රයත්නයන් ආර්ථික හා දේශපාලනික වශයෙන් කළ නොහැකි තරම් විශාල වනු ඇති බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

විශාල මූල්‍යමය වගකීම් සහ බාහිර මූල්‍ය පහසුකම්වල පරතරය හේතුවෙන් මෙම ණය තිරසාරව පවත්වා ගෙන යෑමේ ඉතා ඉහළ අවදානමක් පවතිනවා.

හිතකර මූල්‍ය උපකල්පනයන් යටතේ වුවද, මෙම මූලික ණය මට්ටම දිගින් දිගටම වැඩි වනු ඇති අතර මෙම තත්වය තවත් තීව්‍ර වීමේ අවාසිදායක තත්වයන් සහ අවදානම සැළකිය යුතු තත්වයක ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආටිකල් ෆෝ උපදේශන සහ කාර්ය මණ්ඩල වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ද එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

“ බදු ප්‍රතිසංස්කරණය, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය සහ විදේශ සංචිත ශක්තිමත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර ලබාදී තිබූ නිර්දේශ වනවා. නිර්දේශිත බදු නිදහස් කිරීම් ඉවත් කිරීම, නව ආදායම් බදු නීතියක් සකස් කිරීම, බදු පරිපාලනය විධිමත් කිරීම මෙන්ම මූල්‍ය නීතිය විධිමත් කර මූල්‍ය හිගය අවම කිරීම සදහා බදු ප්‍රතිසංස්කරණ යටතේ ඔවුන් නිර්දේශ කර තිබුණා. එමෙන්ම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය යටතේ බලශක්ති මිල ප්‍රතිශෝධනය, අයවැයෙන් බැහැරව ඇති ඉන්ධන හා විදුලි සහනාධාර රජයේ වියදමක් ලෙස පිළිගෙන මධ්‍යම රජයට දැරීමට සිදුවන අවිනිශ්චිත වගකීම් වැළැක්වීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කලා. තවද විදේශ සංචිත ශක්තිමත් කිරීමට ඔවුන් නිර්දේශ කර තිබුණේ විදේශ සංචිත මිලදී ගැනීම සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් පවත්වා ගැනීමයි. ”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14