spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටේ ජනතාව සාගින්නේ වේදනාවෙන් මුදල් ඇමතිවරයා කල ප්‍රකාශය

මෙරට හාල් කිලෝ එකක් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයේ පිරිසක් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. 

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ “අද හාල් කිලෝ එකක් ගන්න නැතුව කීදෙනෙක් ඉන්නවද බඩගින්නේ, තුන් වේල කන්න නැතුව කට්ටිය ඉන්නවා” යනුවෙනි.

මුලින්ම එම ජනතාවගේ කන්න දිය යුතු බවට අමාත්‍යවරයා පවසා සිටි අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “අපිට ඡන්දය දුන්නේ ඒ කට්ටිය” ලෙසිනි.

තමන් හාල් මිල පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ බව අමාත්‍යවරයා සඳහන් කර සිටි අතර තමන් මුලින්ම කිරීමට යන්නේ අතවශ්‍ය බඩු මිල පහත දැමීම බවත් ඒ සඳහා තමන්ට උපකාර කරන ලෙසත් සඳහන් කර සිටියා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මුදල් අමාත්‍යවරයා සහ පළාත් පාලන නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?