රටේ ජනතාව ගැන මීට වඩා සංවේදීව බැලිය යුතුයි – විපක්ෂ නායක සජිත්

ඔහු මේ බව කියා සිටියේ ආණමඩුව පරමාකන්ද රජමහා විහාරාධිපති, පූජ්‍ය ආණමඩුවේ ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වෙත ශ්‍යාමෝපාලී වාංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජවන්නි කුමාරවන්නි දෙපාර්ශ්වාය් ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමින්.

ප්‍රශස්ත සමාජයක් ගොඩනැගීමට මහා සංඝරත්නය සුවිශේෂ කාර්යක් ඉටු කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

පන්සල කේන්ද්‍රීය පූජනීය සිද්ධස්ථාන සමාජය යහපත් කිරීම සඳහා සුවිශේෂ කාර්යක් ඉටු කරන බවට පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට මේ වන විට ජන සමාජයේ රැකවරණය සහ ශක්තිය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා .

පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා වසර කිහිපයක් තුළ අප රටක් ලෙස ඛේදවාචක රැසකට මුහුණ දුන් බවත්, එම ඛේදවාචක නිසාවෙන් සමස්ත ජනතාවම ගැටලු රැසකට මුහුණ දී අතිශය පීඩනයකට සහ අසහනයකට ලක්ව ඇති බවත්, මෙවැනි අවස්ථාවක ජනතාවට සංවේදී වීමත්, මිනිස් පරපුර සුරැකීමට, මානුෂීය විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33