රටේ ආර්ථික අර්බුදයට හේතුව කොරෝනා නොවෙයි

අද වන විට ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදයට කොරෝනා වෛරසය වගකිවයුතු බවට සිදු කරන ප‍්‍රකාශ පිලිගත නොහැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

මේ රටේ ඩොලර් ප්‍රශ්නයට හේතුව ණය ඉහළ යාම මිස කොරෝනා නොවන බවද පැවසූ ඔහු කොරෝනා වසංගතයෙන් පසුවද ඩොලර් අර්බුදය විසදෙන්නේ නැතැයිද පැවසීය.

අද වන විට ශ්‍රී ලංකාව ඩොලර්වලින් තවත් ණය ලබාගත නොහැකි තත්ත්වයක සිටින බව ද පැවසූ ඔහු ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ද අපහසු තත්ත්වයක සිටින බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රශ්නය ණය අර්බුදය මිස කොරෝනා නොවන බව ද හෙතෙම සඳහන් කළේය කොරෝනා වසංගත සිදුකලේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය වේගවත් කිරීමක් පමණක් බව ද පැවසූ ඔහු සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වූ පසු අර්බුදයට විසඳුම් ලැබෙනු ඇති බවට සිදුවන ප්‍රකාශ ද ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දී ඇති බව පිළිගත යුතු බවත් ප්‍රශ්නය විසඳන ආකාරය ගැන ජනතාව දැනුවත් කර ඒ පිළිබඳව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර කැපකිරීම් කළ යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22