රටේ ආර්ථිකය ගොඩගන්න ඩොලර් මිලියනයක් හොයන මෙහෙයුමකට යොහානි මුලපුරයි

මිලියන ගණනක ජනතාවගේ ආදරයත් සමඟින් ජාත්‍යන්තරයේ නම බැබලවු පුංචි කෙල්ල අපේ මැණිකේ යොහානි ද සිල්වා මෙම අර්බුදකාරී තීරණාත්මක අවස්ථාවේ ඇය කලාකාරිනියක ලෙස තම යුතුකම ඉටු කිරීමට ෆො ශ්‍රී ලංකා  සමඟින් එක්ව සිටිනවා.

ඉන්දිය යුටුයුබ් නාලිකාවක් සමඟින් ඇය කියා සිටින්නේ මෙම අරගලය සමඟ හදවතින්ම  ඇය බැඳි සිටින බවයි. කෙසේ වුවත් මේ මොහොතේ සිදු කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි සෑම අයුරකින් එක්ව කටයුතු කිරීම බවයි ඇය කියා සිටින්නේ.

මගේ සංගීතයට සම්බන්ධ නැති වුණත් මගේ හදවතට දැනෙනම දෙයක් ගැන මේ වෙලාවෙ කතා කරන්න මගේ සියලූම රසික රසිකාවියන්ගෙන් අවසර ඉල්ලා සිටිනවා.

මගේ රටේ ජනතාව දුකට පීඩාවට පත්ව සිටීම මට දැඩි ලෙස හිතට දැනෙන දෙයක් බවට පත්වුණා.

කලාකාරිනියක ලෙස මාගේ සම්පුර්ණ වෘත්තිය ජීවිතයේම මම දේශපාලනයත් එක්ක කිසිම ගනුදෙනුවක් කර නැහැ.

මම එ් ප‍්‍රතිපත්තියේ ඉස්සරහටත් ඉන්නවා.

වචනවලට වඩා කි‍්‍රයාව උසස් කියල මම හැමතිස්සේම හිතනවා.

මාත් එක්ක එකම මතයක් දරමින් ශ‍්‍රී ලංකාවේ තවත් කලාකරුවන් පිරිසක් මේ පොදු අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න යොමු වෙලා තියෙනවා.

ශ‍්‍රී ලංකාවේ ජනතාවට මේ වෙලාවේ ඔබේ සහයෝගය අවශ්‍යයි.

මේ අතර යොහානි සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් තැබුවා.

උපුටා ගැනීම

ආයුබෝවන්

ඇග බේරා ගැනීමට නොවේ. අවසානය තෙක් කියවන්න. අපේ රට ගැන ජාත්‍යන්තරය සෘණාත්මකව දැකීම අවම කර ගන්න මෙම සටහන සිංහලෙන් ලිඛිතව තැබීමට කල්පනා කරමි. මමත් ඔබ සමගයි. මේ මොහොතේ ලංකාවේ නැති උනත් ඔබේ අරගලය මගෙත් අරගලයයි. නිහඩව සිටියේ ප්‍රතිපත්තියක් ලෙස දේශපාලනය ගැන කතා නොකරන බැවිනුත් දේශපාලනය ගැන සැලකිය යුතු දැනුමක් නැති බැවිනුත් එක දාගන්න විතරක් අරගලයට සම්බන්ධ වීමට අකමැති බැවින්ය. නමුත් අපේ රට ගොඩ නැංවීමට අලුත් දූරදර්ශී නායකයන් පිරිසක්ද එය පිළිවෙලින් කිරීමට විශය පිළිබද උගත් විශේෂඥ පිරිසක්ද අවශ්‍ය බව මව පෞද්ගලිකව විශ්වාස කරමි. කාටවත් ඇගිල්ලක් දික් කර වැරදි පෙන්වන්න පරිනත නැති බැවින් මේ අරගලයේ දී මමත් ඔබ සමඟයි පමණක් කියමි. අපිට දැනෙන වේදනාව එදා වේල හොයාගන්න බැරි අමිමලා තාත්තලාට ඉස්කොලේ යන්න බැරි නංගිලා මල්ලිලාට බෙහෙත් හොයාගන්න බැරි ආච්චිලා සීයලාට දැනෙන විදිහ මට හිතා ගන්න බැහැ.ඔවුන් වෙනුවෙන් යමක් කරන්නයි කල්පනාව. අපේ පිටරට සිටින රසිකයන් මිතුරන් එකතු කරගෙන විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියනයක් සමූහ අරමුදලක් ලෙස එකතු කර ලංකාව තුළ ආහාර සහ ඖෂධ සඳහා වැය කිරිම සඳහා පරිත්‍යග කිරිමට ක්‍රියාමාර්ගයක් හඳමින් සිටිමු. මගේ යු ටුයුබ් නාලිකාව සහ අනෙකුත් ස්ට්‍රීමිං නාලිකා වල ඉදිරි මාස තුනේ ආදායම මේ සදහා ආයෝජනය කිරිමට බලාපොරොතුතු වෙමි. මගෙත් එක්ක මේ ක්‍රියාවලියට ෆො ශ්‍රී ලංකා පදනම එකතු වි ඇත. අපි වැඩක් කරන්න හදන තරුණ පිරිසක් ඔබේ සහය බලාපොරොත්තු වෙමු. අඩුපාඩු පෙන්වා දෙන්න. ජය. කෙල්ල.

උපුටා ගැනීම අවසන්

මේ අතර ඉන්දීය යු ටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ යොහානි සඳහන් කළේ පවත්නා ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට නම් සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බවයි.

නිවේදිකාව – ඔබගේ රට මේ වන විට ඉතාම දරුණු ආර්ථීක ප‍්‍රශ්නයකට මුහුණ පා සිටින අවස්ථාවකයි මා මේ ප‍්‍රශ්නය අසන්නේ. රට තුළ උද්ඝෝෂණ ව්‍යාපාර පවා ඇති වී තිබෙනවා.

මෙය රටේ ඇතිවුණ දරුණුතම ආර්ථික අර්බුදයයි.

රටේ සිදුවන දේ සම්බන්ධයෙන් ඔබේ ප‍්‍රතිචාරය කුමක්ද

යොහානි  – ශ‍්‍රී ලංකාව කියන්නේ ලස්සන මිනිසුන් ඉන්න ලස්සන රටක්.

මම මගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ශ‍්‍රී ලංකා ජනතාව වෙනුවෙන් සහයෝගය දැක්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරල තියෙනවා.

නිවේදිකාව – මෙම ප‍්‍රශ්නයෙන් ගැළවීම සඳහා සමස්තයක් ලෙස ඔබේ රට කළ යුත්තේ කුමක්දැයි කියා ඔබ සිතනවද

යොහානි- මේ සඳහා ඉක්මන් උත්තරයක් තියනව කියල මම හිතන්නෙ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනවලින් ලැබෙන උපකාර මෙම ප‍්‍රශ්නයෙන් ගැලවීමට ඉඩක් සලසනව කියල මම හිතනවා.

අප මෙම ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා දීර්ඝකාලීන තිරසාර උත්තරත් හොයන්න ඕන

එ් වගේම අප සියලූ දෙනා එක්වෙලා කෙටි කාලීන වැඩසටහන් සඳහා යොමු වෙලා අපගේ ජනතාව වෙනුවෙන් කළ යුතු දේ ඉටු කළ යුතුයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
108
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05