spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටේම කතාබහට ලක්වුණු, 15 හැවිරිදි දැරියව දෙවරක්ම අපයෝජනය කළ, විශේෂඥ වෛද්‍යවරයා ගැන තීරණයක් ගනී

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කිරීමට නාවික හමුදාපතිවරයා තීරණය කර තිබෙනවා.මෙම සිද්ධියට අදාළව සිදු කෙරෙන විනය පරීක්ෂණ කටයුතුවල මූලික පියවරක් ලෙසටයි අදාළ වැඩ තහනම සිදුකර ඇත්තේ.වැලිසර නාවික හමුදා රෝහලට අනුයුක්ත සේවය කරන මෙම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.මෙම සිද්ධියට අදාළව දැනට මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු 32 කු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මේ අතර ළමයින් සහ කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනු ලබන තවත් වෙබ් අඩවි 4ක් හඳුනාගෙන තිබෙනවා.ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඊට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියත් සමඟයි මෙවැනි වෙබ් අඩවි පිළිබඳව සමාජයේ කථාබහක් ඇතිවුණේ.ඉන් එක් වෙබ් අඩවියක නිර්මාණකරු සහ සහයක අත්අඩංගුවට ගෙන මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර අවසන්.කෙසේ වෙතත්, තවදුරටත් මෙවැනි ආකාරයේ වෙබ් අඩවි හදුනා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?