රටේම කතාබහට ලක්වුණු කැරොලයින්ගේ විවාහක රූ රැජිණ කිරුළ ගැලව්වාද ? මෙතෙක් හෙළි නොවූ සියලු රහස් එළියට එයි

විවාහක රූ රැජින තරගයේ ඔටුනු පැලඳු, ඔටුණු ගැලවූ සිදුවීම් සියල්ල අවසාන වූයේ ලංකාවට හිමිවූ දෙවැනි විවාහක ලෝක රූ රැජින කිරුළ අහිමි වීමෙන් පසුවය. පසුගියදා 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ කැරොලයින් ජූරිගෙන් නිල වශයෙන් ඉවත් කළ බව එම තරගය සංවිධානය කරන මණ්ඩලය විසින් නිල වශයෙන් දැනුම් දුන් අතර, ඒ අනුව තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් අයර්ලන්තයේ කේට් ෂෙනෙයිඩර්ට පසුගියදා නිල වශයෙන් කිරුළ බාර දෙන ලදී.

මේ අතර තවමත් කිරුළු ගැලවීමේ අර්බුදය නිමාවක් වී නොමැති අතර, පුෂ්පිකා ද සිල්වාගේ පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගත් කැරොලයින් ජූරිට සහ කිරුළ ගැලවීමට ඇයට සහය දුන් චූලා පත්මේන්ද්‍රාට ඇප ලබා දුන්නේ රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප ලබා දීමෙන් පසුවය. මේ තීන්දුව ලබා දුන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසිනි.

සිදුවීමෙන් පසුව පුෂ්පිකා ද සිල්වා විසින් ඇයට තුවාල සිදුකිරීම, නින්දා කිරීම, සාපරාදී බිය ගැන්වීම සහ දේපළ අනර්ථය සිදුකිරීම යන චෝදනා යටතේ වැලිසර, රාගම පදිංචි කැරොලයින් ජූරිට සහ කඩවත පාර දෙහිවල පදිංචි චූලා පද්මේන්ද්‍රාට එරෙහිව පැමිණිලි කර තිබිණි. පසුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වූ අතර එදිනම පොලිස් ඇප මත මුදා හැරුණි.

මීට අමතරව පොදු දේපොළවලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන්ද මේ පුද්ගලයන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. සිදුවීම සිදුවූ අවස්ථාවේදී නෙළුම් පොකුණ රඟහලේ වීදුරු බිඳ දමමින් එයට රුපියල් ලක්ෂ හතක පමණ අලාභ හානි සිදු කළ බව පැමිණිල්ල චෝදනා කර තිබිණි. එහෙත් මේ සම්බන්ධව කැරොලයින් ජූරීගේ නීතිඥයන් පවසා තිබුණේ දේපළ හානි සිදුකිරීම සම්බන්ධව චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි. කෙසේ වුවද පැමිණිල්ල ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට පවසා තිබුණේ රඟහලේ සීසීටීවී දර්ශන ඔස්සේ ඉදිරියට පරීක්ෂණ පවත්වන බවයි.

මේ අතර කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රා තමන්ගෙන් සමාව ඉල්ලන්නේ නම් හැර ඔවුන් සමඟ සමාදාන වීමේ කිසිඳු අවශ්‍යතාවක් තමන්ට නැතැයි පුෂ්පිකා ද සිල්වා මාධ්‍ය හමුවේ පවසා ඇති අතර, ඔවුන් දෙදෙනා විදේශ ගත වීමේ සූදානමක් පවතින බැවින් ඒ සම්බන්ධව කටයුතු කරන මෙන් ඇය උසාවිය හමුවේද පවසා ඇතැයි වාර්තා වේ. කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රා ගේ නීතීඥයන් උසාවියේදී පවසා ඇත්තේද තම සේවා දායිකාවන් පුෂ්පිකා ද සිල්වාගෙන් සමාව අයැදීමට කටයුතු නොකරණු ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී කැඳවීමට නියමිත සාක්ෂි අනුව නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නියමිත වී තිබේ. කෙසේ වුවද කැරොලයින් කිරුළ අත්හරින බව පැවසීමෙන් පසු ඇයගේ කිරුළ නිල වශයෙන් ඉවත් කළ බවත්, එම කිරුළේ නව හිමිකාරිනිය 2020 ලෝක විවාහක රූ රැජින තරගයෙන් දෙවැනි ස්ථානය දිනාගත් අයර්ලන්තයේ කේට් ෂෙනෙයිඩර් බවත් ලෝක විවාහක රූ රැජින තරග සංවිධායක මණ්ඩලය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කළේය.

කෙසේ වුවද මෙහිදී කමිටුව පැහැදිලිව දක්වා ඇත්තේ රූ රැජින කැරොලයින් තමා විසින් කිරුළ අත්හැරි බවයි. බොහෝවිට සිදුවන යම් යම් නීති කඩ කිරීම් මත රූ රැජිනන්ගේ කිරුළ නිල වශයෙන් ආපසු ගැනීමට එම තරග සංවිධායක කමිටු කටයුතු කරයි. එවැනි අවස්ථා කිහිපයක්ම ලෝක රූ රැජින තරග ඉතිහාසය විමසීමේදී හමුවේ. එහෙත් මෙවර සංවිධායක මණ්ඩලය පවසා ඇත්තේ කැරොලයින් ස්වකැමැත්තෙන් කිරුළ අත්හල බවයි.

ඒ අනුව 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි කරගත් කේට් එම වසරේ අයර්ලන්තයේ විවාහක රූ රැජින කිරුළද හිමි කර ගැනීමට සමත් වී තිබේ.

ඇය 29 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ උස අඩි පහයි අඟල් නවයක් බව සඳහන්ය. ඇයගේ සැමියාගේ නම සඳහන් නොවන අතර ඔවුන් දෙදෙනා වසර දහයකට වැඩි කාලයක් පුරා යුග දිවිය ගෙවන බව සඳහන්ය. ඔවුන්ට දරුවන් නොමැති නමුත් ඔවුන් සුරතල් සුනඛයන් දෙදෙනෙකු ඇතිකරන බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

කෙසේ වුවද මෙතැන් සිට 2020 ලෝක විවාහක රූ රැජින වන්නේ ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි නොව අයර්ලන්තයේ කේට් ෂෙනෙයිඩර්ය.

මේ අතර පිටරටවල මේ සිදුවීම සම්බන්ධයෙන් පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පවසා තිබුණේ පුෂ්පිකා ද සිල්වා සැමියාගෙන් වෙන්ව වාසය කළ නමුත් ඇය දික්කසාද වී නොමැති නිසා ඇයට විවාහක රූ රැජින කිරුළ හිමිවීමට බාධාවක් නොමැති බවයි.

Untitled 26
1 1
2 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25