spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටවල් 5ක සිට ඉන්දියාවට එන අයට දැනුම්දීමක්

රටවල් 5ක සිට පැමිණෙන ගුවන් මගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට වන පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා.

ලබන ජනවාරි මස පළමුවනදා සිට මෙම නියෝගය ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව චීනය, හොංකොං, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් ජනවාරි 1 වැනිදා සිට සෘණාත්මක COVID-19 පරීක්ෂණයක් අනිවාර්ය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මෙම රටවලින් පැමිණෙන සංචාරකයින්ට ඔවුන් පිටත්ව යාමට පෙර පරීක්ෂණ වාර්තා ඉන්දීය රජයේ වෙබ් අඩවියකට උඩුගත කළ යුතු බව දැනුම්දී තිබෙනවා.

මෙය සිදු කරනු ලබන්නේ ලොව පුරා පැතිර යන COVID-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් වන අතර ඉන්දියාවට ගොස් පැය 72ක් ඇතුළත පරීක්ෂණය සිදු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

COVID-19 පරීක්ෂණයක් සඳහා මෙම පියවර ගෙන ඇත්තේ පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන්ගෙන් සියයට 2ක පමණ පිරිසකට සිදු කරන අහඹු පරීක්ෂණවලට අමතරවයි.

මේ අතර කොවිඩ් ඖෂධ ඇතුළු සියලුම ඖෂධවල ප්‍රමාණවත් තොග පවතින බව සහතික කරන ලෙසත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සමාගම්වලින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?