රටවල් 14 කට තීරු බදු පැනවීම කල් දැමීමට ට්‍රම්ප් තීරණය කරයි

රටවල් 14ක් සඳහා තීරු බදු පැනවීම දක්වා කල් දැමීමට තීරණය කළ බව එක්සත් ජනපද ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ, අනුව ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14 කින් එක්සත් ජනපදයට ඇතුළු වන භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පැනවීම අගෝස්තු දක්වා ප්‍රමාද කළ බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය සහ ටියුනීසියාවෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරු බදු පැනවීමට නියමිතයි.

එමෙන්ම දකුණු අප්‍රිකානු සහ බොස්නියානු භාණ්ඩ සඳහා 30%ක් ද, ඉන්දුනීසියාව සඳහා 32%ක බද්දක් ද අය කෙරෙනවා.

බංග්ලාදේශය සහ සර්බියාව යන රටවල් දෙකට 35%ක් ද, කාම්බෝජය සහ තායිලන්තය සඳහා 36%ක් ලෙස තීරු බදු පනවා තිබෙනවා.

ඊට අමතරව ලාඕසයෙන් සහ මියන්මාරයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 40%ක තීරු බද්දක් එක්සත් ජනපදය විසින් අය කිරීමට නියමිතයි.

ට්‍රම්ප් ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ රටවල් 14 ක නායකයින් අමතමින් ඔහුගේ නවතම තීරුබදු සැලසුම් පිළිබඳව ඔවුන්ට දැනුම් දුන් ලිපි බෙදාගත් අතර, එහිදී “ඔබේ රට සමඟ අපගේ සම්බන්ධතාවය අනුව, අනුපාත ඉහළට හෝ පහළට” වෙනස් කළ හැකි බවයි සඳහන් කර සිටියේ.

  1. ඇමරිකා ජනාධිපති සිදුකරන මෙම බදු ගැසිමෙන් සමස්ත ලෝකයම ආර්ථික වශයෙන් කඩා වැටිමකට ලක්විමේ අවධානයක් ඉදිරියේ ඇත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46