spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටවල් දෙකක ණය ගෙවන්න ලංකාවට වසර 06ක සහනයක් ?

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරනු ඇති බවට අපේක්ෂා කර සිටියි.

එසේම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව පවසා ඇති බවද සඳහන්.

“සාකච්ඡා පවතින්නේ අවසන් අදියරේ.කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවයට ඉක්මණින් එළඹෙයි.” යනුවෙන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් නිලධාරියෙක් හෙළිකළ බව ද විදෙස් මාද්‍ය වාර්තා කර සිටියා.

එසේම මූලික එකඟතාවය සම්බන්ධයෙන් ණයහිමි රටවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන අතර ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් 17ක් එම කමිටුවේ සාමාජිකත්වය දරයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා එම කමිටුව නිර්මාණය කර ඇති අතර නමුත් චීනය එහි සාමාජිකත්වය නොදරයි.

ඔවුන් එම සාකච්ඡා සඳහා එක් වන්නේ නිරීක්ෂකයෙක් වශයෙනි.

චීන ණය ගෙවීමේ ක්‍රමවේදය සහ අනෙක් රටවලට ණය ගෙවීමේ ක්‍රමවේදය එක සමාන කොන්දේසි මත එකඟවන බව ශ්‍රී ලංකාව අදාළ කමිටුවට පොරොන්දු වී ඇති අතර 2022 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම පැහැර හැරීය.

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති බාහිර ණය ඩොලර් බිලියන 50ක් බව සඳහන්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?