රටවල් දෙකක ණය ගෙවන්න ලංකාවට වසර 06ක සහනයක් ?

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරනු ඇති බවට අපේක්ෂා කර සිටියි.

එසේම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව පවසා ඇති බවද සඳහන්.

“සාකච්ඡා පවතින්නේ අවසන් අදියරේ.කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවයට ඉක්මණින් එළඹෙයි.” යනුවෙන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් නිලධාරියෙක් හෙළිකළ බව ද විදෙස් මාද්‍ය වාර්තා කර සිටියා.

එසේම මූලික එකඟතාවය සම්බන්ධයෙන් ණයහිමි රටවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන අතර ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් 17ක් එම කමිටුවේ සාමාජිකත්වය දරයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා එම කමිටුව නිර්මාණය කර ඇති අතර නමුත් චීනය එහි සාමාජිකත්වය නොදරයි.

ඔවුන් එම සාකච්ඡා සඳහා එක් වන්නේ නිරීක්ෂකයෙක් වශයෙනි.

චීන ණය ගෙවීමේ ක්‍රමවේදය සහ අනෙක් රටවලට ණය ගෙවීමේ ක්‍රමවේදය එක සමාන කොන්දේසි මත එකඟවන බව ශ්‍රී ලංකාව අදාළ කමිටුවට පොරොන්දු වී ඇති අතර 2022 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම පැහැර හැරීය.

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති බාහිර ණය ඩොලර් බිලියන 50ක් බව සඳහන්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27