රටවල් තුනක විදේශ දූත මණ්ඩල කාර්යාල විවෘත කිරීමට අනුමැතිය

2021/2022 කාල පරිච්ඡේදය තුළ තාවකාලිකව වසා දැමුණු විදේශ ගත ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල කාර්යාල තුනක් යළි විවෘත කිරීම සඳහා වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව සයිප්‍රස් හි නිකොසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ඉරාකයේ බැග්ඩෑඩ් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නැවත විවෘත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවයි රජය සඳහන් කර ඇත්තේ.

එම විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල යළි විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.