spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටම වසා තිබිය දී සිදු වූ අමුතු ජාවාරමක් හසුවෙයි

දිවයිනටම සංචරණ දීමා පනවා තිබූ පසුගිය දිනවල එම නීති නොතකා පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පිළිබඳ පුවතක් මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. 

එය වටලා ගණිකා සේවයේ නිරතව සිටි කාන්තාවන් පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ. 

මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි ස්ථානයක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යන බවට මොරටුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්ත ලොකුගේ වෙත තොරතුරක් ලැබී තිබුණු අතර මෙම වැටලීම සිදු කොට තිබුණේ ඒ අනුවයි. 

මෙහි දී ගණිකා සේවය සැපයූ කාන්තාවන් 03 දෙනෙකු සහ ඔවුන්ගේ පහස පතා සංචරණ සීමා පවා උල්ලංඝනය කරමින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට පත් වුණු බව පොලීසිය සඳහන් කළා. 

අත්අඩංගුවට පත් කාන්තාවන් 35, 37 සහ 40 වැනි වයස්වල පසුවන්නියන්.

එමෙන්ම අත්අඩංගුවට පත් වූ ගණිකා සේවය ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් අවුරුදු 30 සහ 32 යන වයස්වල පසුවනවා. 

මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත්තේ ලැගුම් හලක් තුළ වන අතර අදාළ ලැගුම්හල ඉදිරිපසින් අගුළු දමා තිබූ බව පොලීසිය පවසනවා. 

ගණිකා ඇසුර ලබා ගැනීමට පැමිණෙන්නන් එතුළට ගෙන ඇත්තේ පසුපස දොරින්. 

අත්අඩංගුවට පත් ගණිකාවන් තිදෙනා සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා යන 5 දෙනාම මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් බවත් පිරිමි පුද්ගලයින් දෙදෙනා බස් රථ රියැදුරන් ලෙස සේවය කරන්නන් බවත් පැවසෙනවා. 

එම එක් පුද්ගලයෙකු සතුව හෙරොයින් පැකට්ටු දෙකක් ද සොයාගෙන තිබෙනවා. 

මේ අතර මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති පුද්ගලයා මොරටුව, උස්වත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?