රටම වසා තිබිය දී සිදු වූ අමුතු ජාවාරමක් හසුවෙයි

දිවයිනටම සංචරණ දීමා පනවා තිබූ පසුගිය දිනවල එම නීති නොතකා පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පිළිබඳ පුවතක් මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. 

එය වටලා ගණිකා සේවයේ නිරතව සිටි කාන්තාවන් පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ. 

මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි ස්ථානයක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යන බවට මොරටුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්ත ලොකුගේ වෙත තොරතුරක් ලැබී තිබුණු අතර මෙම වැටලීම සිදු කොට තිබුණේ ඒ අනුවයි. 

මෙහි දී ගණිකා සේවය සැපයූ කාන්තාවන් 03 දෙනෙකු සහ ඔවුන්ගේ පහස පතා සංචරණ සීමා පවා උල්ලංඝනය කරමින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට පත් වුණු බව පොලීසිය සඳහන් කළා. 

අත්අඩංගුවට පත් කාන්තාවන් 35, 37 සහ 40 වැනි වයස්වල පසුවන්නියන්.

එමෙන්ම අත්අඩංගුවට පත් වූ ගණිකා සේවය ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් අවුරුදු 30 සහ 32 යන වයස්වල පසුවනවා. 

මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත්තේ ලැගුම් හලක් තුළ වන අතර අදාළ ලැගුම්හල ඉදිරිපසින් අගුළු දමා තිබූ බව පොලීසිය පවසනවා. 

ගණිකා ඇසුර ලබා ගැනීමට පැමිණෙන්නන් එතුළට ගෙන ඇත්තේ පසුපස දොරින්. 

අත්අඩංගුවට පත් ගණිකාවන් තිදෙනා සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා යන 5 දෙනාම මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් බවත් පිරිමි පුද්ගලයින් දෙදෙනා බස් රථ රියැදුරන් ලෙස සේවය කරන්නන් බවත් පැවසෙනවා. 

එම එක් පුද්ගලයෙකු සතුව හෙරොයින් පැකට්ටු දෙකක් ද සොයාගෙන තිබෙනවා. 

මේ අතර මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති පුද්ගලයා මොරටුව, උස්වත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25