spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටම කතා කළ පන්සලේ සිද්ධියට එරෙහිව පිරිසක් විරෝධතාවයක

නවගමුව, බෝමිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළ දී හිමිනමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකළ පුද්ගලයින් නිදහස් කරන ලෙස බලකරමින් පිරිසක් අද (09) විරෝධතාවයක නිරත වුණා.

බෝමිරිය, සමඟි මාවත ප්‍රදේශයේ දී මෙම විරෝධතාව පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී විරෝධතාකරුවන් පැවසුවේ තම ප්‍රදේශවාසීන් ලබාදුන් දානය ලබාගෙන ශ්‍රමනවේසධාරී භික්ෂුවක් සිදුකළ නොමනා කටයුත්තක් වැලැක්වීමට ගිය ගම්වාසීන් පිරිසට රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුව ඇත්තේ පොලීසිය නිසිලෙස පරීක්ෂණ සිදුනොකළ නිසා බවයි.

ඒ,හේතුවෙන් අදාළ ගම්වාසීන් පිරිස සම්බන්ධයෙන් පැවැත්වෙන ඊළග නඩු විභාගයේ දී එම පිරිස බේරාගැනීමට නවගමුව පොලිසිය වහා මැදිහත් විය යුතු බවයි විරෝධතාකරුවන් පවසා සිටියේ.

පැයකට ආසන්න වේලාවක් විරෝධතාවයෙහි යෙදී සිටි පිරිස ඉන් අනතුරුව විසිර ගිය අතර, දෙසීයයකට ආසන්න පිරිසක් මෙම විරෝධතාවය සදහා එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
6
+1
43
+1
0
+1
8
+1
11
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?