රටම කතා කළ පන්සලේ සිද්ධියට එරෙහිව පිරිසක් විරෝධතාවයක

නවගමුව, බෝමිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළ දී හිමිනමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකළ පුද්ගලයින් නිදහස් කරන ලෙස බලකරමින් පිරිසක් අද (09) විරෝධතාවයක නිරත වුණා.

බෝමිරිය, සමඟි මාවත ප්‍රදේශයේ දී මෙම විරෝධතාව පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී විරෝධතාකරුවන් පැවසුවේ තම ප්‍රදේශවාසීන් ලබාදුන් දානය ලබාගෙන ශ්‍රමනවේසධාරී භික්ෂුවක් සිදුකළ නොමනා කටයුත්තක් වැලැක්වීමට ගිය ගම්වාසීන් පිරිසට රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුව ඇත්තේ පොලීසිය නිසිලෙස පරීක්ෂණ සිදුනොකළ නිසා බවයි.

ඒ,හේතුවෙන් අදාළ ගම්වාසීන් පිරිස සම්බන්ධයෙන් පැවැත්වෙන ඊළග නඩු විභාගයේ දී එම පිරිස බේරාගැනීමට නවගමුව පොලිසිය වහා මැදිහත් විය යුතු බවයි විරෝධතාකරුවන් පවසා සිටියේ.

පැයකට ආසන්න වේලාවක් විරෝධතාවයෙහි යෙදී සිටි පිරිස ඉන් අනතුරුව විසිර ගිය අතර, දෙසීයයකට ආසන්න පිරිසක් මෙම විරෝධතාවය සදහා එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14