රටම කතා කරන වෙන්නප්පුවේ ASP ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තැබු සටහන

ස්ථාන මාරුවක් ලැබු වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

අදාළ සිදුවීම මේ වනවිට සමාජ මාධ්‍ය පවා ආක්‍රමණය කර ඇති ආකාරයක් දැකිය හැකියි.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ද සිය මතය තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියා.

එම සටහන පහතින්…

මීට කලකට ඉහතදී මා මොහු හමු වී කිට්ටු මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට හැකි විය නමින් (එරික් පෙරේරා) වේ, එයද වියැකී යාමට ගිය දක්ෂ ක්‍රීඩකයකුගේ අනාගතය වෙනුවෙන් මොහු කල කී දෑ මෙන්ම ඔහු හට උදවු කරමින් ඔහුගේ අනාතය රැක ගැනීමට දායක වීමේ සිද්දියක් මගිනි.

අද ඔහු ජයග්‍රහණ ලබමින් ලෝක පදක්කමක් කරා සෙමින් පිය නගන විට ඔහු මට කතා කරමින් පවසනේ මල්ලී මේ කොල්ලා වෙනුවෙන් දෙයක් කිරීමට ලැබීම ගැන සතුටූ වන බවයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයකු වන මොහු තමාගේ රාජකාරීය දේව කාරියක් සේ සලකා වැඩ කරන හොද කොන්දක් ඇති කිසිම දෙයකට නම්මවා ගත නොහැකි දක්ෂ නිලධාරියෙකි.

වත්තල ප්‍රෙදේශය තුල මොහු සේවය කරන විට නීති විරෝදී ක්‍රියාවන් නැවතීමට කල සේවය අගය කල යුතුමය.

ඉන්පසු ඔහු උසස් වීමක් ලබා වෙන්නපුව ප්‍රදේශයේ රාජකාරිය කරනා විට මෙවැනි ආකාරයෙන්ම කටයුතු කරමින් යන විට ජනතා නියෝජිතයන්ගේ අත පෙවීම් අනුමත කල නොහැක, එහි ප්‍රතිපලය වනුයේ ඔහුට සේවා මරුවක් ලැබීමය.

මෙය අනුමත කල නොහැකි පහල පන්තියේ බාලයන් කරන ලද අදම ක්‍රියාවක් සේ සලකිය හැක, සමහර උදවිය අපගේ පරම චන්ද අයිතිය තුලින් ලැබූ ජයග්‍රණයන් අවභාවීතා කරන ආකාරයන් වෙවැනි සිද්දි තුලින් අපට පැහැදිලිවම දැක ගත හැකිය.

ඔබලා ජනතා වරමින් ඔසවා තබන්නේ රටේ අනාගත සුරක්ෂා කිරීමට රජයට සහයෝගය දෙනු විනා තමන්ගේ සහා තමන්ගේ සහචරයන් ආරක්ෂා කිරීමට හෝ රැක ගැනීමට නොවන බව පැහැදිලිවම ඔලුවේ රදවා ගත යුතු කාරණාවකි.

එමගින් රටට ආදරේ කරන රට වෙනුවෙන් අවංක සේවය නියුතු කොට්ටසයක් අපට රැක ගත හැකිය, අපට හැම විට වටිනුයේ රට විනා පුද්ගලයන් නොවේ, අප මේ රට අපේ දු දරුවන් වෙනුවෙන් රැක ගත යුතුය, අනිසි බලපෑම් මෙවැනි නිලදාරීන් හට යොමු නොකළ යුතුය, දේශපාලන බලය අනිසි විදිහට අවභාවීත නොකල යුතුය, ජනතා අදිපත්‍ය රැකෙනසේ ඔවුන්ගේ ධුර කල තුල වැඩ කල යුතු බව තරයේ මතක තබා ගත යුතුය.

ප්‍රජාතන්තරවාදය උපරිම අයුරින් රැකිය යුතු බව කණගාටුවෙන් හෝ මේ දේ කීමට සිදුවීම ගැනද මම කණගාටු වෙමි, අපට අවශ්‍ය වනුයේ පාට පක්ෂය බේදයෙන් තොරවූ සුරක්ෂිත රටකි, එමනිසා මෙවැනි ක්‍රියාවන් මම සහා අපි අනුමත නොකරමු.

කරනා හොද දේ අනුව අනාගතය තීරණය වෙන බව නිතර සිහියේ තබා ගත් යුතුය. අප ජනතාව බුද්දීමත්ය, කලානුරීපීව වෙනස් වන තර්කානුකූ බුද්ධියකින් හෙබි ජනතාවක් අපට සිටින බව අමතක නොකල යුතුය.( මෙවැනි සිද්දීන් කෙරෙහි අදාල බලදාරීන්ගේ අවධානය යොමු වනු ඇතයි විශ්වාස කරන අතර මෙවැනි දේවල් මගින් ජනතාවගේ අප්‍රසාදයට පත්වීම් වහා නතර කල යුතුය)

163804608 790022944978393 7443839820001024933 o

පෙර පුවත – ඕලුමරා ඇප ලබා එලියට එයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
24
+1
9
+1
0
+1
2
+1
49
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06
Video thumbnail
ෂෙඩ් එකේමල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
00:37
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
00:37
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
01:47
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:24
Video thumbnail
ඩෙංගු මා#රයා හා සමානයි වෘත්තීය සමිති විනාශ කරන වර්තමාන රජය - රජයට ඇත්තටම වැඩ බෑ කයිවාරු විතරයි
05:20
Video thumbnail
ගැමුණු ඇත්තටම බස් සංගමයේ සභාපති ද.. දෙපිටිකාට්ටු කතා කියනවා
05:56
Video thumbnail
26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
00:57
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21