‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් ගෙවුණු දින 23ට 25,541ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ගත වූ දින 23 තුළ සැකකරුවන් 25,541ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 250ක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 915ක්.

ඊට අමතරව ගංජා කිලෝග්‍රෑම් 605ක් ද මෙම දින 23 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.