රටම එකට ජාතික මෙහෙයුමට මාස 09යි – මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 743ක් අත්අඩංගුවට

රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ වී මේ වනවිට 09ක කාලයක් සම්පූර්ණ වෙනවා.

මෙම මාස 09ක කාලය තුළ, රටම එකට ජාතික මෙහෙයුම ලබා ඇති ප්‍රගතිය පිළිබද දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ පවත්වනු ලැබුවා.

ඒ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර්ගේ සහභාගීත්වයෙන්.

මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මාස 09ක කාලය තුළ මෙම මෙහෙයුම මඟින් සැකකරුවන් 239,384 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බවයි.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 995 දෙනෙකු සිටින බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කර ඇති බව පැවසුවා.

මේ අතර සැකකරුවන් 378 දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති බවට සැලකෙන වත්කම් පිළිබඳව විමර්ශන අරඹා ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මෙම මාස 09ක කාලය තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 2,253යි ග්‍රෑම් 834 අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 43,584ක් බවයි.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2,640යි ග්‍රෑම් 695ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 42,251ක් වනවා.

මීට අමතරව කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 293යි ග්‍රෑම් 732ක් මෙම මාස 09ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවායේ වටිනාකම මිලියන 10,291ක් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළා.

මේ අතර රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ වී මුල් මස 09ක කාලය තුළ දී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට වයස අවුරුදු 18ත් 21ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 7,866 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම වයස අවුරුදු 14ත් 18ත් අතර වයසේ පසුවන ළමුන් 743 දෙනෙකු ද මෙම කාලය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 94 දෙනෙකු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම නියමිත බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01