රටතුල ඔමික්‍රොන් රැල්ල ගැන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රතුඑළියක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

ඔමික්‍රොන්  ව්‍යසනය වැඩි ඈතක නොවේ – තූන්වන මාත්‍රාව ගැනීමට ප්‍රමාද නොවන්න – නිසි සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස පිලිපදින්න.

කොරෝනා ඔමික්‍රොන් ප්‍රභේදය මෙතෙක් ප්‍රමූබව පැවති ඩෙල්ටා ප්‍රභේදය අභිබවා ලෝකයේ බොහෝ රටවල පැතිරෙමින් පවතින බව ඉතා පැහැදිලිය. ප්‍රභේද හදූනා ගැනීමට ඇති සීමිත  හැකියාව යටතේ වුවද දැනටමත් රෝගීන් 47 මෙරටින් හඳුනා ගැනීම මෙයට හොඳ සාක්ෂියකි. මෙම ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන බව බටහිර සහ දකුණු අප්‍රිකානු රටවල රෝගීන් සංඛ්‍යාවෙන් මනාව තහවුරු වේ. උදාහරණයක් ලෙස 2021 දෙසැම්බර් මස 25-31 අතර අයර්ලන්තයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව වන 120,000 එම රට තුළ මුළු  2020 වර්ෂය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ට වඩා (91,779) වැඩි බව එහි සෞබ්‍ය දෙපාර්තමේන්තු වාර්තා තහවුරු කරයි.

ඔමික්‍රොන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය ට වඩා අඩු රෝගී තත්ත්වයක් ඇති කළද එය පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බැවින් රෝගීන් සංඛ්‍යාව ඉතා විශාල ලෙස වැඩි වීමෙන් රෝහල් ගත වන රෝගීන් සංඛ්‍යාව වැඩි වීමේ හැකියාව මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්  වැඩි සංඛ්‍යාවක් මෙය ට ගොදුරු වීම නිසා සෞඛ්‍ය අංශ වල කාර්යක්ෂමතාව ඉතා පහළ බැසීමේ දැඩි අවදානමක් ඇති වීම ප්‍රධාන ගැටළුවකි. බටහිර රටවල මෙම තත්වය නිසා දැනටමත්  නිරෝදායනය වන සෞඛ්‍ය සේවක සංබ්‍යාව මෙයට හොඳ සාක්ෂියකි.

2021 අප්‍රේල් මස අප විසින් සෞඛ්‍ය පිළිවෙත් නොසැලකීම මත  පැතිරීමේ අඩු අවදානමක් ඇති ඇල්ෆා ප්‍රභේදය නිසා වුවද සිදුවු ව්‍යසනය නිසා සෞඛ්‍ය සේවා දැඩි ලෙස අඩාල වු අතර  මරණ 15,000 පමණ එම නිසා සිදුවිය. මෙම භයානක අත්දැකීම් තිබියදීත් යළි අප රට මෙම තත්වයට පත්වේදැයි විශේෂඥ වෛද්‍යවරුන් ලෙස අප දැඩි චකිතයකින් පසු වෙමු.

පසුගිය දිනවල කඩ සාප්පු, තැබෑරුම්, දෙසැම්බර් 31 රාත්‍රී සාද ආදිය දැඩි තදබදයට පත් විය. Omicron ප්‍රභේදය අප රට තුළ සංසරණය සිදු වන මෙවන් වාතාවරණයක් යටතේ Omicron ප්‍රභේදය ඉදිරි සති කිහිපය තුළ දැවැන්ත ආසාදන රැල්ලක් ඇති කිරීම නොවැළැක්විය හැකිය.

මෙම රැල්ලට මුහුණ දීමට ඇති එකම ක්‍රමය නම් එන්නත් ලබා ගැනීම, මුව ආවරණ පැළඳීම, ආරක්ෂිත දුර  තබා ගැනීම, හොඳ වාතාශ්‍රයක් සඳහා ජනේල විවෘත කිරීම, ඔබේ දෑත් පිරිසිදු කිරීම සහ කැස්ස සහ කිවිසුම් යාමේදී පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමයි. එන්නත් මාත්‍රා ගැනීමෙන් පසුව ද අප ඉහත සියලු සෞඛ්‍ය නිර්දේශ පිළිපැදීම ඉතා වැදගත්ය.

ශ්‍රී ලංකාවේ ඉලක්කගත ජනගහනයෙන් 85% කට ආසන්න ප්‍රමාණයකට (අවුරුදු 16 ට වැඩි) මාත්‍රා 2 ක් එන්නත් කර ඇත. කෙසේ වෙතත්, Astra Zeneca හෝ Pfizer මාත්‍රා 2ක් මගින් විශේෂයෙන් omicron ප්‍රභේදයෙන් ඇති වන ආසාදන වැළැක්වීමට ඇති හැකියාව ඉතා ප්‍රබල නොවේ. නිදසුනක් වශයෙන්, එක්සත් රාජධානියේ අධ්‍යයනයකින් පෙන්නුම් කළේ, Astra Zeneca (AZ) එන්නතෙහි මාත්‍රා දෙකකින් සති 15 කට පසුව, සායනික රෝගවලින් ආරක්ෂා වීම ඉතා අල්ප එනම් ශුන්‍ය වන බවයි. Pfizer සඳහා එම අගය 34% කි. කෙසේ වෙතත්, AZ එන්නත මාත්‍රා 2 ක්  එන්නත් කරන ලද පුද්ගලයින්ට Pfizer බූස්ටර මාත්‍රාවක් ලබා දීමෙන් සායනික රෝගවලට එරෙහි කාර්යක්ෂමතාව 70% දක්වා ඉහළ නැංවීමට හැකි බවද මේ අධ්‍යයනය සනාථ කර ඇත. මෙම අධ්‍යයනයට අනුව මෙම එන්නත් මගින් බොහෝ මිනිසුන්ගේ රෝග තත්ත්වය දරුණු වීම වළක්වා ගැනීමට ඇති හැකියාව බොහෝ දුරට වැඩි වී ඇති බව මෙයින් පෙනේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ඉලක්කගත ජනගහනයෙන් බූස්ටරය ලබාගෙන ඇත්තේ 25% ක් පමණි. ඉතිරි අය Omicron ප්‍රභේදය නිසා රෝග ලක්ෂණ වලින් පීඩා විඳින තරමේ රෝගී තත්ත්වය ට පත්වීමේ අවදානමක් ඇත. එබැවින්, එනම් රෝගය නිසා පීඩා විඳීමට හා එම නිසා රෝහල් වලට ඇතුළු වී ප්‍රතිකාර ලැබීමට සිදු වීමේ සම්භාවිතාව අවම කිරීමට, අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමට, රෝහල් ධාරිතාව යටපත් වීම වැළැක්වීමට සහ එමගින් අපේ රට තවදුරටත් ආර්ථික ව්‍යසනයකට ගෙන යාමේ හැකියාව අවම කිරීම සඳහා බූස්ටර එන්නත ලබා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සියලු දෙනා ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.
ස්තූතියි.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිල්ලෙයාන් බලන්න මම බන්ධනාගාරයේ තාප්පයෙන් පැනලා ගියේ නෑනේ.. l Namal Rajapaksa
03:17
Video thumbnail
ඩොලර් අර්බුදය නිසා මුජිබුර්ට රතු කට්ට පනියි - මෙයාලා ඉන්නේ අඟහරු ලෝකේ..යාන්ත්‍රණය දැන් මලකඩ කාලද ?
11:56
Video thumbnail
80 හැවිරිදි කාන්තා සිරුරක් ගමන් බෑගයකින් හමුවෙයි..දුර්ගන්ධයෙන් හෙළිවූ බිහිසුණු ඛේදවාචකය
01:53
Video thumbnail
පාරත් බදුගෙන වාහනවලට ගමන් කිරීමට නොදී යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34
Video thumbnail
"දැන් පුංචි එංගලන්තේ නෙවෙයි මුඩුක්කු ලන්තේ"..අනවසර ඉදිකිරීම් නිසා ජනතාවට යකා නගියි
05:09
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28