රටට හා ගෝඨාභයට මොකද වෙන්නේ ? මංගලගේ අනාවැකිය

ඉකුත් 24 වෙනි දින දැයෙන් සමුගත් මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදනය වීමට පෙර යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවක් පැවැත්වූවා.

එය සමරවීර මහතා සහභාගි වූ අවසාන සාකච්ඡා අතුරින් එකක්.

එහිදී රටේ අනාගතය ගැන සමරවීර මහතා සිය දැක්මද ඉදිරිපත් කර තිබුණා.

රට තිබෙන තැන

“මේ රට මදේටම කුණු වෙලා.ඇත්ත කතාව ඒකයි.ලෝකයේ බිහිවෙච්ච හොඳම නායකයෝ ගෙනාවත් මේ රට මේ තියෙන විදියට හදන්න බැහැ”

එහෙම කියන සමරවීර මහතා ඊට ලෝකයේ මෙතෙක් බිහි වූ දක්ෂතම පාලකයින් පිලිබඳවත් අදහසක් ඉදිරිපත් කරනවා.

“ලෝකයේ බිහි වූ හොඳම බිහිවූ හොඳම නායකයෝ හැටියට එක පාරටම ඔළුවට එන්නේ ඇමරිකාවේ රූස්වෙල්ට් ජනාධිපතිතුමා එහෙමත් නැත්නම් ඉන්දියාවේ ජවහල්ලාල් ලාල් නේරු වැනි අය.ඒ අය ගෙනාවත් මේ රට හදන්න බැහැ.”

ගෝඨාභයට වෙන දේ

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳවද සිය මතය එම සාකච්ඡාවේදී සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ මෙසේයි.

තමා ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට දැඩි ලෙස විරුද්ධ බවද එම සාකච්ඡාවේදී සඳහන් කරන සමරවීර මහතා ඊට හේතුව ඔහු රාජපක්ෂලාගේ ඉතිහාසයට උරුමකම් කීම බවද සඳහන් කර තිබුණා.

එහෙත් දේශපාලන වශයෙන් එම විරෝධය තිබුනත් ගෝඨාභය රාජපක්ෂ කොතරම් හොඳ පාලකයෙක් වුණත් මේ තියෙන ක්‍රමය තුළ මේ රට කාටවත් හදන්න බැරි බවයි සමරවීර මහතා පෙන්වා දී තිබුණේ.

  1. මීට වඩා වටිනා වැදගත් අනාවැකි ජනතාව අතර තිබේ. මේ ක්‍රමයෙන් හදන්න බැරි බව හැමදාම අපි තමයි කියා හිටින්නේ. ජනතාවයි කියා හිටින්නේ. දැන් රට 0 ට හිඳුනට පස්සේ දැන් දේශපාලකයෝ මෙහෙම කියන්නේ ඒකෙනුත් හොඳ නම ගන්න. පැවැත්ම රැක ගන්න. ඔහු මිය ගිය එක වෙනම කාරණාවක්. ජීවත්ව හිටියා නම් ඊළඟ තුරුම්පුව විදිහට කුමක් කරයිද? සාර්ව ජනතා හිතවාදි පාලන ක්‍රමයක් ගේනවද? එහෙම අදහසක් එතුමා කියනවා මම අහලා නෑ. මේ ක්‍රමයටස ගැලපෙන ලිබරල් නව ලිබරල් කෑලි තමයි කතා කළේ. මේ ක්‍රමය නූගත් ජනතාව පිට බලෙන් පටවලා පවත්වාගෙන ආවේ අපිද? මංගලලා ම තමයි. කිසිම අනාගත දැක්මක නැතුව රට වළ ට ඇදලා දාලා දැන් මෙහෙම කිව්වා ම මේවා උස්සලා තියන්න එපා! මේවා නිවුස් නෙමෙයි තමන් ලකුණු දාගන්න කියන ප්‍රලාප. අපි ද ජනතාව රවට්ට රවට්ට මේ දිගටම ආණ්ඩු කළේ. එයා ලා තමයි පිල් මාරු වෙවී බස්නස් කාරයොත් එක්ක බිස්නස් එකක් විදිහට මේවා කළේ. 77 ඉඳලම මේ ක්‍රමේට විරුද්ධ වෙච්ච මිනිස්සුයි උන්ගෙන් පැවත එන අපියි තවම ඉන්නවා. මැරිලා ඉපදිලා නෑ. සියල්ල අපට මතකයි. මේ දේශපාලන ධාරාව ඉවත් කළ යුතුයි දැන්වත්. ඒක අපට මංගල කියා දෙන්න ඔන නෑ. අපි වැඩ කළෙත් ඒකට. ඉදිරියට කරන්නෙත් ඒකට…

  2. මුන්ට ඔනෙම අනාවැකි කියන්න පුලුවන් , බලයෙ සිටි කාලයෙ පාස්කු ප්‍රහාරය එන බව දෙන සිටියෙ නෙහෙ ; කොටි තර්ස්තවාදය කාලෙ හෙමොම දිනන්න බැහෙ කිව්ව; කොටින් පරජාය කිරීම දෙන සිටියෙ නෙහෙ ; පහු ගිය කාලෙ ඔහු සිටියෙ යහපාලන ආන්ඩුව බැන්කුව හොරා කන බව දෙන සිටියෙ නෙහෙ . ඔහු සමලින්ගික ජීවිතට ඇබ්බහි උනෙ ඇයි කියා දෙන සිටියෙ නෙහෙ ; මෙවෙනි බොහො දෙවල් මොහුට අනාවැකි කීමට බැරි උනා, රාජපක්ශලා ගෙනයි ගොඨා ගෙන පමනයි මෙයාට අනාවැකි පල කරන්න හැකියාව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43