රටට සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න විමල්ගෙන් සුපිරි ක්‍රමයක්

සමාජය මේ අවස්ථාවේ සිටින්නේ සොයාගත් උත්තර පිළිබඳව වේදනාවකින් බවත් හෘද සාක්ෂියත් සමග ගනුදෙනු නොකරන ඩොලර් මිටි සමග ගනුදෙනු කරන පිරිසට එය නොතේරෙන බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටිනවා.

‘තෙවැනි මග’ නම් මාසික සඟරාවක් එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. මේ අවස්ථාවට දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්වී සිටියා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ ‘තෙවැනි මග’ තුළින් සමාජයේ මතුවෙමින් ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන සංවාද මණ්ඩපයක් ඇතිකරනු ඇති බවය.

“නුසුදුසු උත්තර හොයා ගත්තොත් ඉන්න තත්ත්වයෙනුත් පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ලෝකයේ රටවල්වලට එහෙම වෙලා තියෙනවා. අපේ සමාජය උත්තර හොයන වෙලාවක් මේක. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා සුදුසු උත්තර හොයා ගන්න. ලබාගත්තු උත්තරය ගැන වේදනාවට පත්වෙලා ඉන්න ජනතාවට ඒ උත්තරය ගැන කථිකාවක් ඇතිකිරීම තමයි අපේ අරමුණ.

අද සමාජය අනපේක්ෂිත අර්බුදවලට මුහුණදීලා ඉන්නේ. වසංගතය අපිට පාලනය කරන්න බෑ. හැබැයි අපි අපේ අතින් නිර්මාණය කරගත්තු අභියෝගත් තියෙනවා. ඒවා නිර්මාණය නොකරගෙන හිටිය නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි අපිට කවර ආකාරයකින්වත් මගහරින්න බැරි අභියෝග තියෙනවා. ඒවාට විසඳුම් සෙවිය හැකි මගක් අපි විසින් වහා වහා නිර්මාණය කරගත යුතුව තිබෙනවා.

ගුරුත්වාකර්ෂණ බලයට අඩුවෙන්ම ලක්වෙන රටක් ශ්‍රී ලංකාව. උපාය මාර්ගිකව වැදගත් පිහිටීමක තිබෙන රටක්. අද බැලුවාම අපේ රට තිබෙන්නේ තිබිය යුතු ස්ථානයේ නෙමෙයි. ඊට වඩා ගොඩක් පහළ ස්ථානයක. ඒ වැරැද්ද ඇතිවීමට බලපාපු හේතු ගොඩක් තියෙනවා. අපේ රටට ඒ සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්දෙන් අපේ රට එළියට ගන්න පොටයි අපි පාද ගතයුතුව තියෙන්නේ.

මං හිතනවා.., මේ ඉතිහාසය සෙමෙන් විලිරුදාවෙන් පෙළෙන්නේ එක්තරා ආකාරයක එවැනි දරු ප්‍රසූතියක් සඳහා කියලා. සාමාන්‍ය අවස්ථාවකදී අපි හොයාගන්නේ නැති උත්තර විශේෂ අවස්ථාවලදී හොයාගෙන යනවා. දැන් අපි ඉන්නේ සාමාන්‍ය උත්තරවලින් විසඳුම් නොලැබුණු විශේෂිත අවස්ථාවක. ඒ නිසා දැන් අපිට තෝරා ගන්න වෙන්නේ මේ විශේෂ තත්ත්වය දකින්න පුළුවන්, ඒක අභිබවන්න පුළුවන්, වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් උත්තර.

ඒ උත්තර අපි විසින් සපයාගතයුතුව තිබෙනවා. අපි මෙතෙක් දේශපාලනයේ ඉටුකරන ලද කාර්යභාර්යයේ තීරණාත්මක පිළිතුරු සැපයීම කරා දැන් මුහුණ දෙමින් සිටිනවා. හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු නැති ඩොලර් මිටි එක්ක ගනුදෙනු තියෙන අයට මේවා තේරෙන්නේ නෑ. තෙවැනි මග සඟරාවක් පමණක් නෙමෙයි. මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිලෙන..කෝ අපේ මාවත කියලා නැගෙන ප්‍රශ්නයට උත්තර දෙන සංවාද මණ්ඩපයක් බවට පත්වේවි.” අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

https://youtu.be/ZKIcPYB7Erg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39