රටට ම තියෙන එකම පශු වෛද්‍ය පීඨයේ නව වෙනස්කම් රැසක් ආදි විද්‍යාර්ථීන්ගේ සහායෙන්

පශු වෛද්‍ය සත්කාර සහ පශු වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය හැඩගස්වන නව්‍ය මුලපිරීම් කිහිපයක් ආරම්භ කරමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ශික්ෂණ රෝහල (VTH) ඊයේ (19) දින විශේෂ උත්සවයක් පැවැත්වුණා.

මහාචාර්ය එච්. අබේගුණවර්ධන, මහාචාර්ය ඉන්දිරා ද සිල්වා සහ ආචාර්ය නිරංජලා සිල්වාගේ කැපවීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාල පශුවෛද්‍ය රෝහල තුළ පහසුකම් පුළුල් කෙරෙන ප්‍රධාන අවස්ථාව මෙය ලෙසටයි සනිටුහන් වන්නේ.

ඒ අනුව පශු වෛද්‍ය අධ්‍යාපනය සහ සත්ත්ව සුබසාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කෙරුණා.

පේරාදෙණිය පශු වෛද්‍ය ආදි විද්‍යාර්ථීන්ගේ 95/96 කණ්ඩායමේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ SOS රයිනෝ සභාපති ආචාර්ය නැන් ෂාෆර්ගේ මුදල් පරිත්‍යාගයක් මත තුවාල ලැබූ හෝ අසනීප වූ වනසතුන් ප්‍රවාහනය කිරීම හා ඔවුන්ට වඩා හොඳින් ප්‍රතිකාර කිරීම සඳහා වාහනයක් පරිත්‍යාග කිරීමක් මෙහිදී සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කෙරෙන මෙම නව වාහනය තුළින් වනජීවී ගලවා ගැනීමේ මෙහෙයුම් පුළුල් කිරීමට හා වනසතුන් ප්‍රවාහනය හා ප්‍රතිකාර පුළුල් කිරීමට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි පැවසෙන්නේ.

මීට අමතරව බළලුන් සහ බල්ලන් සඳහා වෙනම ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමක් ද සිදු කෙරුණා.

ගෝලීය පශු වෛද්‍ය පිළිවෙත්වලට අනුකූලව, පශු වෛද්‍ය රෝහල් තුළ බළලුන් සහ බල්ලන් සඳහා වෙනම සත්කාර ලබාදීම සිදු කළ යුතු වුවත් ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් අඩුවීම හේතුවෙන් මෙරට එම සත්ව කොට්ඨාස දෙකටම එකට ප්‍රතිකාර කරනු ලබන්නේ එකම ඒකකයක් තුළ යි.

පශු වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමයේ මැදිහත් වීමෙන් Royal Canine ආධාර හරහා එම සතුන් සඳහා වෙන් වෙන්ව ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීම ඊයේ දින සිට ආරම්භ කෙරුණා.

මෙම නව ප්‍රවේශය, සත්ව රැකවරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිකාර කිරීමක් ලෙසයි සැලකෙන්නේ.

එමගින් එම සත්ත්ව කොට්ඨාස දෙකෙහිම ආරක්ෂාව සහ සුවපහසුව වැඩි දියුණු කිරීම, ඔවුන්ට ලැබෙන සත්කාරයේ සමස්ත ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරමුණ වනු ඇති.

මීට අමතරව වාර්තා තබා ගැනීම නවීකරණය කිරීම හා ඩිජිටල් තාක්ෂණය වෙත මුලපිරීම ද සිදු කෙරුණා.

පුද්ගලික සුරතල් සත්ව සත්කාර සංවිධානයක ආචාර්ය පෝව්ගේ මහතාගේ සහාය ඇතිව පුළුල් ඩිජිටල් දත්ත පටිගත කිරීමේ පද්ධතියක් ආරම්භ කිරීමට නියමිත අතර සාම්ප්‍රදායිකව අතින් ලියන ලද වාර්තාවලින් ඩිජිටල් තාක්ෂණික ශිල්පීය ක්‍රම වෙත මාරුවීම වඩාත් නිවැරදි හා කාර්යක්ෂම දත්ත කළමනාකරණය සහතික කරනු ඇති.

එමගින් වේගවත් පර්යේෂණ සහ වඩා හොඳ රෝගී සත්කාර සේවාවක් සඳහා ඉඩ සලසනවා.

සත්ව ප්‍රතිකාර සදහා ඩිජිටල් තාක්ෂණික ශිල්පීය ක්‍රම භාවිතා කිරීම අධ්‍යයනවල ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට සහ රෝහල් කාර්ය මණ්ඩලය මත පරිපාලන බර ලිහිල් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

උසස් රෝග විනිශ්චය සඳහා එන්ඩොස්කොපි උපකරණ පරිත්‍යාගයක් ද ඊයේ සිදු කෙරුණා.

ලන්ඩනයේ සේවය කරන ශ්‍රී ලාංකික පශු වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ලෝගේෂ්වරන් මහතා විසින් මෑතකදී එන්ඩොස්කොපික් උපකරණ පරිත්‍යාග කිරීමකින් VTH අති නවීන රෝග විනිශ්චය මෙවලමකින් සන්නද්ධ කර තිබෙන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එන්ඩොස්කොපි, බයොප්සි සිදු කිරීම මගින් පහසුවෙන් සිරුරු කොටස් ඉවත් කිරීමට සහ අවම ශල්‍ය හා නිර්වින්දන අවදානම් සහිත රෝග විනිශ්චය ක්‍රියා පටිපාටි පැවැත්වීමට ඇති හැකියාව ඇතුළු බොහෝ වාසි ලබාදීමක් ද සිදු කරනවා.

මෙම නව තාක්‍ෂණය VTH හි රෝග විනිශ්චය හැකියාවන් බෙහෙවින් වැඩි දියුණු කරනු ඇති.

අදාළ තාක්ෂණය තුළින් රෝගී සතුන් සඳහා සමස්ත ප්‍රතිකාර ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට ඉඩ සලසන බවයි පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සඳහන් කළේ.

මෙම සියලු පහසුකම් විශ්වවිද්‍යාලයට කිසිදු මූල්‍යමය බරකින් තොරව සාක්ෂාත් කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් ආදි විද්‍යාර්ථීන් විවිධ ස්වෙච්ඡා සංවිධාන සහ පරිත්‍යාගශීලී පුද්ගලයන්ගේ පරිත්‍යාග සහ සහයෝගය ඇතිව සිදුකර තිබීම විශේෂත්වයක් බව ද වාර්තා වනවා.

සම්පූර්ණ වීඩියෝව මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12