රටටම එළවළු හිගයක් ?

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත්, පොහොර හිඟයත් හේතුවෙන් දෙසැම්බර් මාසය වනවිට මෙලෙස එළවළු හිඟයක් ඇති විය හැකි බව වෙළෙඳුන් පවසනවා.

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයට දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය සාපේක්ෂව මේ වනවිට 60%ක අඩු වීමක් දක්නට ලැබෙන බවයි මැනිං හා සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක සඳහන් කරනවා

එමෙන්ම, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට ද මීට පෙර දෛනිකව එළවළු කිලෝ ලක්ෂ 2ක් පමණ ලැබුණද මේ වනවිට ලැබෙන්නේ කිලෝ ලක්ෂයකට අඩු එළවළු ප්‍රමාණයක් බව පවසනවා.

එය 50%ක පමණ අඩුවක් බවයි නුවරඑළිය අර්ථික මධ්‍යස්ථාන කළමණාකරු ආර්. එස්. බණ්ඩාර සඳහන් කළේ.

කැප්පෙටිපොළ තොග ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීම 80%කින් පහල වැටී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ස්ථාන භාර නිලධාරී සමන්ත සූරියගොඩ ප්‍රකාශ කරනවා

තඹුත්තේගම විශේෂිත ආර්ථික ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමද 75%කින් පමණ අඩු වී ඇති බවයි එහි වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න කියා සිටියේ.

සාමාන්‍යයෙන් වසර අවසානයේ දක්නට නොලැබෙන ආකාරයෙන් මේ වසරේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ලැබීම විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් එළවළු හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14