රටක් කතා කළ නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියට අධිකරණයෙන් තීන්දුවක්

ඉකුත්දා නාරම්වල ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ලොරි රථ රියදුරෙකු මරණයට පත්වීමේ සිද්ධියට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) දින අවසර ලබා දුන්නා.

මියගිය තැනැත්තාගේ බිරිඳ විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් අතර වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමටත් නියම කළා.