රජ පවුලෙන් ඉවත් වී රටින් පිට වූ හැරී සහ මේගන් යළිත් බ්‍රිතාන්‍යයට

හැරී කුමරු සහ මේගන් කුමරිය නැවත බ්‍රිතාන්‍ය වෙත යාමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොවුන් දෙපළ 2020 වර්ෂයේ රාජකීය පවුලෙන් ඉවත් වී අමෙරිකාවේ පදිංචියට ගොස් තිබුණා.

කෙසේ වෙතත් මෙවර යළිත් බ්‍රිතාන්‍යයට පැමිණියද රජ මාලිගයෙන් පරිභාහිර සාමාන්‍ය නිවසක ඔවුන් පදිංචි වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

හැරී සහ මේගන් යුවලගේ දරුවන් දෙදෙනා ද බ්‍රිතාන්‍යයේ පාසලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.