රජ පවුලම කම්පා කරමින් අවසන් ගමන් ගිය පිලිප් කුමරු

අභාවප්‍රාප්ත එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද පස්වරුවේ ලන්ඩනයේදී සිදු කෙරුණා.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති පිලිප් කුමරුගේ අවමංගල්‍ය කටයුතු සජීවී ලෙසින් නැරඹීමට ලොව විශාල පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩෙන්මාර්ක් සහ ග්‍රීක සම්භවයක් සහිත රාජකීය පවුලකට දාව 1921 වසරේ ජුනි මස 10 වැනිදා කෝෆු නම් ග්‍රීක දූපතක උපත ලැබූ පිලිප් කුමරුගේ මව්පියන් වූයේ ග්‍රීසියේ ඇන්ඩෲ කුමරු සහ ඇලිස් කුමරියයි.

දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා වූ පිලිප් කුමරු බ්‍රිතාන්‍යය නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

අනතුරුව සක්‍රීය ලෙසින් යුද සේවයට එක්වූ පිලිප් කුමරු 1942 වසර වන විට බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවේ ලාබාලතම පළමු ලුතිනල්වරුන් කිහිප දෙනාගෙන් එක් අයකු ලෙසයි ඉතිහාසයට එක්ව තිබෙන්නේ.

එහිදී බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් ප්‍රහාරක නෞකාවක සේවයේ නිරත වෙමින් සිටියදී බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක වූ එලිසබෙත් කුමරියගේ හමුවීම පිලිප් කුමරුගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක් වුණා.

විවිධ වූ බාධක මධ්‍යයේ සිය ප්‍රේමය ජය ගැනීමට සමත් වූ පිලිප් කුමරු 1947 වසරේදී එලිසබෙත් කුමරිය සමඟින් විවාහ වූ අතර පසුව 1951 වසරේදී සිය නාවික හමුදා දිවියට විරාමයක් තබන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කටයුතු සඳහා වැඩි දායකත්වයක් ලබාදීමේ අරමුණින්.

1952 වසරේදී බි්‍රතාන්‍යයේ 6 වැනි ජෝජ් රජුගේ අභාවයත් සමඟ බි්‍රතාන්‍යයේ රැජින බවට පත්වූ තම බිරිඳ එලිසබෙත් කුමරියට ශක්තිමත් පවුරක් වෙමින් ගෙවුණු දශක කිහිපය පුරාවටම පිලිප් කුමරු ඇය වෙත ලබාදුන් සහයෝගය නිබදවම සැමගේ ප්‍රසංසාවට ලක් වුණා.

කෙසේ වෙතත් ගෙවුණු කාලය තුළ අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය ගැටලු හේතුවෙන් රෝහල් ගත කෙරුණු පිලිප් කුමරු පසුගිය මාසයේදීද රෝහල්ගතව ප්‍රතිකාර ලබා යළි බකිංහැම් මාලිගය වෙත පැමිණි බවයි වාර්තා වුණේ.

එහෙත් 99 වැනි විය පසුකරමින් සිටි පිලිප් කුමරු සිය ජීවිත ගමනට සමු දුන් බව පසුගිය 9 වැනිදා බකිංහැම් මාලිගය නිවේදනය කළේ රජ පවුලේ සැවොම කම්පාවට පත් කරමින්.

එදින සිට අද දක්වා වින්ඩ්සර් මාලිගයේ පෞද්ගලික දේවස්ථානයේහි තැන්පත් කර තිබූ පිලිප් කුමරුගේ දේහය, අවසන් කටයුතු සඳහා අද පස්වරුවේ විශේෂ හමුදා රථයකින් ශාන්ත ජෝජ් දේවස්ථානය කරා රැගෙන එනු ලැබුවා.

ජීවත්ව සිටි කාලයේදී සිය අදහසකට අනුව නවීකරණය කරන ලද මෙම රථයෙහි තැන්පත් කළ පිලිප් කුමරුගේ දේහය පසු පසින් එළිසබෙත් රැජින ගමන් ගත් අතර ඇය පසු පසින් ඔවුන්ගේ දරුවන් වන චාල්ස් කුමරු, ඈන් කුමරිය, ඇන්ඩෲ කුමරු සහ එඩ්වඩ් කුමරු ගමන් කළා.

එමෙන්ම චාල්ස් ඩයනා යුවලගේ පුතුන් දෙදෙනා වන විලියම් කුමරු සහ හැරී කුමරුද මෙම අවස්ථාවට එක්ව සිටියද ඔවුන් දෙදෙනා අතරින් ඈන් කුමරියගේ පුතු පීටර් පිලිප්ස් ගමන් කිරීම වඩාත් කැපී පෙනුණා.

අනතුරුව පිලිප් කුමරුගේ දේහය හමුදා ආචාර සහිතව ශාන්ත ජෝජ් දේවස්ථානය තුළට රැගෙනගිය අතර එහිදී අවසන් ආගමික කටයුතු සිදු කෙරුණේ කැන්ටබරියේ අගරදගුරුතමන්ගේ ප්‍රධානත්වයෙන්.

පිලිප් කුමරුගේ නික්මයාම සිහි කරමින් බි්‍රතාන්‍ය වේලාවෙන් සවස 3ට මිනිත්තුවට ජාතික නිහඬ කාලයක් ප්‍රකාශයට පත් කර තිබූ අතර එහි ආරම්භය සහ අවසානය රාජකීය කාලතුවක්කු හමුදා වෙඩි මුරයකින් සංකේතවත් කිරීම විශේෂත්වයක්.

අභාවප්‍රාප්ත පිලිප් කුමරුගේ දේහය මත, ඔහු නාවික හමුදා නිලධාරියෙකු ලෙස සිටියදී පැළැදි හිස් වැසුම සහ අසිපතද තැන්පත් කර තිබූ අතර පිලිප් කුමරු ලැබූ යුද සම්මාන සහ ලාංඡන අල්තාරය අභියස ප්‍රදර්ශනයට තබා තිබීමද කැපී පෙනුනා.

අවමංගල්‍ය චාරිත්‍රවලින් පසු පිලිප් කුමරුගේ දේහය ශාන්ත ජෝජ් දේවස්ථානය තුළ පිහිටි රාජකීය කුටියක් තුළ තාවකාලිකව තැන්පත් කෙරෙන අතර අනතුරුව බි්‍රතාන්‍යයේ වත්මන් කිරුළ හිමි එළිසබෙත් රැජිනගේ අභාවය සිදු වන දිනක, ඇයගේ දේහය තැන්පත් කෙරෙන ස්ථානයට පිලිප් කුමරුගේ දේහයද රැගෙන යන බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ.

https://youtu.be/ly6yEJSDFko
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09