spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජීව් ගාන්ධිව නැසූ තිදෙනා මෙරටට

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 33 ක් එරට සිර දඩුවම් ලබා සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු මෙරට වෙත ඒවා තිබෙනවා.

ඔවුන් අද (03) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස පැමිණි පුද්ගලයන් අතර අතර වයස අවුරුදු 62 සහ වයස අවුරුදු 53 ක සැකකරුවන් දෙදෙනෙක් වන බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම ඔවුන් සමග ඉන්දියාවේ නීතීඥවරයෙකු ද පැමිණ තිබෙනවා.

අද (03) දින දහවල් 11.03 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන්ට තාවකාලිකව සකස් කළ ගමන් බලපත්‍ර ලබාදීමටත් කටයුතු කර තිබුණා.

මෙම පුද්ගලයින් තිදෙනා ඉන්දියාවට නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් පළා ගොස් තිබූ බැවින් ඒ පිළිබඳව ද විමර්ශන කටයුතු ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මොවුන් තිදෙනා කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබා ගෙන , ප්‍රකාශ සටහන් කර ගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?