රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරු වූ යාපනයේ ශාන්තන්, රජිව් ගාන්ධි රෝහලේ දී මියයයි

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

ශාන්තන් ඊයේ (27) දින ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

රජීව් ගාන්ධි ඝාතන නඩුව සම්බන්ධයෙන් වසර ගණනාවක් සිරගතව සිටි ශාන්තන් වසර 32කට පසු සිය මව බැලීමට යාපනය පැමිණීමට නියමිතව තිබුණා.

ඒ් අතරතුර ශාන්තන්ට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලට මාරු කොට එහි දැඩිසත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශාන්තන්ගේ මව ඔහුව බැලීමට අවශ්‍ය බව සඳහන් කරමින් ඉන්දීය රජයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර එම අභියාචනය සැලකිල්ලට ගැනීමෙන් පසු ඉන්දීය රජය විසින් ශාන්තන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදුන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ඒ අනුව, ඉන්දීය රජයේ අනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබු අතර ඒ අතර කාලවකවානුව තුළදීයි ශාන්තන් මෙලෙස ජීවිතක්ෂයට ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21