රජිව් කපූර් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ හින්දි චිත්‍රපට රංගන ශිල්පියෙකු වන රජිව් කපූර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු හින්දි සිනමාවේ දැවැන්ත නළුවෙකු වූ රාජ් කපූර්ගේ වැඩිමල් පුත්‍රයා ද වනවා.

මියයනවිට ඔහු 58 හැවිරිදි වියේ පසුවූවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.