රජවත්තේ දී පුද්ගලයෙකු දුම්රියේ ගැටී මරුට

පේරාදෙණිය පොලිස් වසමේ රජවත්ත විශ්වවිද්‍යාල සමූපකාරය අසල දුම්රිය හරස් මාර්ගය අසල දී පේරාදෙණිය දුම්රිය ස්ථානයේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රියේ පුද්ගලයෙකු ගැටී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි ඔගස්ටාවත්ත – මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.