රජවක විදුහලේ සිසුවාට අවසන් ගෞරව දක්වන්න අධ්‍යාපන නි. ඇමති යයි – අනතුර ගැන සොයන්න විමර්ශනයක්

බලංගොඩ – රජවක මහ විදුහලේ ගොඩනැගිල්ලක් මතට බෝ ගසක කොටසක් කඩා වැටීමේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකරන බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා.

එම විමර්ශනයේ වාර්තාව සතියක් තුළ ලබාදෙන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම අනාරක්ෂිත බවට සැක කරන ගස් පාසල් භූමිය තුළ ඇත්නම් නම් වහාම ප්‍රාදේශිය ලේකම්ට සහ දැව සංස්ථාවට දැනුම් දෙන ලෙසයි ඔහු වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ.

බලංගොඩ රජවක මහා විද්‍යාලයේ බෝ ගසක කොටසක් කඩා වැටීම හේතුවෙන් සිදු වූ හානිය නිරීක්ෂණය කිරීමට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවවරයා එම උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර මේ සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරීමක් සිදුවී ඇතිද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට දන්වා ඇති බව සඳහන්.

විනාශ වු ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරිමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

ඒ, අනුව සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අතිරේක පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඉදිරි විමර්ශන සිදු කරන බවයි සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මෙහිදී සඳහන් කර ඇත්තේ.

මෙම අනතුරට මුහුණපා මේ වන විට බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අනතුරට සිසුන්ගේ සුවදුක් විමසීමට ද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න කටයුතු කළා.

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ පිරිසෙන් හයදෙනෙකු පමණක් රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඉතිරි පිරිස ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් බලංගොඩ මූළික රෝහලේ වෛද්‍ය අධිකාරී කේ. ඒ. එල්. එල්. කේ ආරච්චි පැවසුවා.

ප්‍රතිකාර ලබන දරුවන් වෙත සුරක්ෂා රක්ෂණාවරණය මගින් වන්දි ලබාදීම හෝ අවශ්‍ය කටයුතු සිදු කිරීම කඩිනම් කරන ලෙසයි මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

අනතුරුව මෙම සිද්ධියෙන් ජීවිතක්ෂට පත් බලංගොඩ, බිබිලේවෙල ප්‍රදේශයේ පදිංචි කලා අංශයේ ඉගෙනුම ලැබූ කිවිර හිරුජය සිසුවාට අවසන් ගෞරවය දැක්වීමට ද නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහභාගී වුණා.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් රජයේ කණගාටුව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මියගිය දරුවා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් එම පවුලට සාධාරණයක් ඉටු කරන ලෙසත් දන්වා සිටියා.

සිසුවාගේ අවසන් කටයුතු අද (14) දින සිදු කරන අතර, අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් සභාව ඒ වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කරන ලෙසද පහු එහිදී සඳහන් කළා.

දරුවන්ගේ ආරක්ෂාවට මූලික තැනක් ලබාදිය යුතු බවත්, පාසල තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගස් තිබේ නම් වහාම ප්‍රාදේශීය ලේකම්ට, දැව සංස්ථාවට සහ පළාත් අධ්‍යාපන කාර්යාලයට දැනුම් දෙන ලෙසත්, අදාළ අංශ ඒ වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත්, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39