රජරට රැජිණගේ ගැටුණු පදිකයා වේදිකාවෙන් රේල් පාරට – කකුළක් හා අතක් වෙන් වෙයි

මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රියෙහි ගැටීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද (15) පෙරවරු 11.30ට පමණ මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ අම්බලන්ගොඩ – කන්දෙගොඩ දුම්රිය ස්ථානයේ දියි.

තුවාලකරු දුම්රිය ස්ථානයේ වේදිකාව මත ගමන් කරමින් සිටියදී ඔහු ශීඝ්‍රයෙන් ධාවනය වෙමින් ආ රජරට රැජිණේ ගැටී තිබෙනවා.

දුම්රියේ ගැටුණු පුද්ගලයා වේදිකාව සහ දුම්රිය රේල් පාර අතරට ඇද වැටී ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේ දී ඔහුගේ වම් අත සහ වම් පාදයේ කොටසක් දුම්රියේ රෝදවලට යට වීමෙන් ශරීරයෙන් ගැලවී ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් එක් ව සුවසැරිය ගිලන් රථ සේවාව හරහා අසාධ්‍යය තත්ත්වයේ පසු වූ තුවාලකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණු අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

තුවාලකරු අම්බලන්ගොඩ – කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53