රජය භාරයට ගත් සීනි බෙදාහැරීම ගැන පැහැදිලි කිරීමක්

රජය භාරයට ගත් සීනි බෙදාහැරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ පසුගිය දින කිහිපය පුරා සිදුකළ වැටලීම්වලින් සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900ක් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් රජයේ භාරයට ගත් බවය.

මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.‍

සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 88,878කි.

2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000ක් පමණ වේ. 

ඒ අනුව සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදුකර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්, 

P 001


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46