රජය ඉන්ධන අත්හරින්න තීරණය කරයි….

වායු විමෝචනය අඩු කිරීම සහ විදුලි මෝටර් රථ ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස 2035 වන විට පොසිල ඉන්ධන වලින් ක්‍රියාත්මක වන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට අමෙරිකා එක්සත් ජනපදය සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊට අදාළ නියෝගය ඊයේ දිනයේදී අත්සන් තැබීමත් සමගයි.

අමෙරිකානු රජය සතුව වාහන 650,000කට වැඩි ප්‍රමාණයක් ඇති අතර වාර්ෂිකව ඔවුන් මෝටර් රථ 50,000ක් පමණ මිලදී ගනු ලබනවා. ජනාධිපති ජෝ බයිඩ්න් විසින් අත්සන් තබන ලද විධායක නියෝගය අනුව එහි ඇති එක් සැලසුමක් වුයේ 2027 වර්ෂය වන විට රජය විසින් මිලදී ගනු ලබන සැහැල්ලු වාහන වායු විමෝචනයෙන් තොර වාහන විය යුතු බවයි.

සමස්ත ෆෙඩරල් රජයේ මෙහෙයුම් සැලැස්ම යටතේ 2030 වන විට විමෝචනය 65% කින් අඩු කිරීමට සැලසුම් කර ඇත. 2030 වන විට ශුද්ධ වාර්ෂික පදනමින් කාබන් රහිත සහ දූෂිත නොවන ප්‍රභවයන්ගෙන් පමණක් විදුලිය පරිභෝජනය කිරීමට රජය උත්සාහ කරන අතර 2050 වන විට වායු විමෝචනය ශුන්‍ය කිරීමටයි අමෙරිකානු රජය සැලසුම් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14