රජයේ සෙවකයින් හෙට සිට රාජකාරියට

හෙට සිට රාජ්‍ය අංශයේ සියලූ ම සේවකයින් නැවතත් රාජකාරී සඳහා කැඳවීමට නියමිතයි.

ඊට අදාළ චක්‍රලේඛය පසුගිය 30 වනදා නිකුත් කෙරුණේ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි.

කොවිඩ් තත්වය හමුවේ මේ දක්වා රාජ්‍ය සේවකයන් කාර්යාල කැඳවිය යුතු ආකාරය තීරණය කිරීම එක් එක් රාජ්‍ය ආයතන ප්‍රධානියාට පවරා තිබුණා.