රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය ජනපති හමු වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, බුද්ධි ගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය මෙන්ම වෛද්‍යවරුන්ට හිමි දීමනා සංශෝධනය පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත අදහස් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ වූ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන් වුණා.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කරන ලෙසටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේ.

කෙටි කාලීන හා මධ්‍යකාලීන සැලසුම් ඔස්සේ මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත්, එම සැලසුම් සකස් කිරීමේ දී ස්කැන්ඩිනේවියානු සහ යුරෝපීය රටවල දියුණු සෞඛ්‍ය පද්ධතින් අධ්‍යයනය කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00