spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය ජනපති හමු වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, බුද්ධි ගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය මෙන්ම වෛද්‍යවරුන්ට හිමි දීමනා සංශෝධනය පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත අදහස් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ වූ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන් වුණා.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කරන ලෙසටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේ.

කෙටි කාලීන හා මධ්‍යකාලීන සැලසුම් ඔස්සේ මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත්, එම සැලසුම් සකස් කිරීමේ දී ස්කැන්ඩිනේවියානු සහ යුරෝපීය රටවල දියුණු සෞඛ්‍ය පද්ධතින් අධ්‍යයනය කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?