රජයේ විධායක නිලධාරීන්ගේ මාසික විධායක දීමනාව ඉහළට (වීඩියෝ)

රජයේ විධායක නිලධාරින්ට ලබාදෙන මාසික විධායක දීමනාව, තවත් රුපියල් 10,000කින් ඉහළ නැංවීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ දමා ඇති අතර, ලබන මස පළමුවැනිදා සිට නව සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000කින් ඉහළ නැංවීමට අදාළ චක්‍රලේඛනය ද ඊයේ නිකුත් කෙරුණු අතර, ඒ අනුව, රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යනු ඇති.

ඒ අනුව, ලබන මස පළමුවැනිදා සිට නව සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

පසුගිය දින කිහිපය තුළ ගුරු විදුහල්පතිවරුන් සිය වැටුප් විෂමතා මුල් කර ගනිමින් විරෝධතාවක නිරත වුණා.

තම ආර්ථික ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනක රජය දැනුවත් කළ ද, නිසි පිලිතුරු නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බවයි ගුරු විදුහල්පති සංගම් පවසන්නේ.

ඒ කෙසේ නමුත්, අද දිනයේ සිට පාසල් වල සාමාන්‍ය පරිදි රාජකාරි සිදු වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

ඒ අනුව, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර ද අද දිනයේ සිට ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, අද සිට දින 10ක් තුළ එම අදියරේ ඇගයීම් සිදු කෙරෙන බවයි.

එසේම, සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්වලින් 80% ක් පමණ මේ වනවිට පරීක්ෂා කර අවසන් කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ අනුව, දිවයින පුරා පාසල්වල අද දිනයේ සුපුරුදු පරිදි කටයුතු සිදු කෙරෙන අයුරු දක්නට ලැබුණා.

මේ අතර, දිවයින පුරා ග්‍රාම නිලධාරීවරුන් අද දිනයේ ද සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වනවා.

පළමුව දින දෙකකට සීමා කර තිබූ මෙම විරෝධතාව එළැඹෙන තිස් වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවත්, ග්‍රාම නිලධාරීන්ගේ අනුමත දීමනා මෙම වර්ෂය තුළ දී ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරි මැතිවරණ සඳහා බලපෑමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමය පවසනවා.

සිය ගැටලු සම්බන්ධයෙන් අද දින අග්‍රාමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, එහිදී ඊට නිසි පියවර නොලැබුණහොත් රට පුරා ග්‍රාම සේවා වසම් දාහතර දහස් විසිදෙකක් තුළ සිටින 12500ක් පමණ වන ග්‍රාම නිලධාරීන් සියලුම දෙනා අඛණ්ඩ වැඩවර්ජනයක් සඳහා යොමුවන බව ද එම සංගමයේ ජාතික සංවිධායකව පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21