රජයේ මුද්‍රණාලය දැඩි අවධානමක

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ( රජයේ මුද්‍රණාලය) සේවකයන් 15  දෙනෙකුට කොවිඩ්  ආසාදනයවීම නිසා  එහි අංශ තුනක් වසා දමා ඇත.

මේ අතර තවත් සේවකයන් 50 දෙනකු පමණ කොවිඩ්  ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වීම නිසා  නිරෝධායනයට යොමුවී සිටින බව රජයේ මුද්‍රණාලාධිපතිනී   ගංගානී  කල්පනා ලියනගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

මේ තත්වය නිසා එහි බොහෝ අංශවල  කටයුතුවලට  බාධා මතුව ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.

නිරෝධායනයට යොමු කෙරුණු සේවක පිරිසක් අද දිනයේ රාජකාරියට වාර්තා කිරීමට නියමිත බවත්  සේවකයන් එලෙස කොටසින් කොටස ගෙන්වා රාජකාරියේ යෙදවීමට  බලාපොරොත්තු වන බවත්  කල්පනා  ලියනගේ මහත්මිය කීවාය.

මේ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන්  සඳහා  කොවිඩ්  තෙවැනි මාත්‍රාව   ලබා දීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව පැවසූ මුද්‍රණාලාධිපතිනිය ඒ සඳහා සෞඛ්‍ය අංශවලට විස්තර වාර්තා ලබාදී ඇතැයිද  පැවසුවාය.

කුමන බාධා මතුවුවත් රජයේ මුද්‍රණ කටයුතු සාමාන්‍ය පරිදි ප්‍රමාදයකින් තොරව කරගෙන යන බව  ඇය වැඩිදුරටත් සඳහන් කළාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40