රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවට සයිබර් ප්‍රහාරයක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (Department of Government Information) නිල ෆේස්බුක් පිටුව අද දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේවන විට සිදු කරමින් පවතින අතර ෆේස්බුක් පිටුවේ සියලුම යාවත්කාලීන කිරීම් සහ පළ කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව වෙත පිවිසෙන පරිශීලකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳ අදාළ නිවේදනයෙන් කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

Department of Government Information