රජයේ පශු වෛද්‍ය නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක

ශ්‍රී ලංකාව පුරා රජයේ පශු වෛද්‍ය නිලධාරීන් අද (09) උදෑසන 6.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන්ගේ වෘත්තිය සඳහා කැපවූ සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම අඩාල කිරීමට දරණ උත්සාහයන්ට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ ලේකම් පශු වෛද්‍ය සිරිමෙවන් ගුණවර්ධන පැවසුවේ රජයේ පශු වෛද්‍යවරුන් සඳහා යෝජිත සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශවයන් දරන උත්සාහයන්ට ප්‍රතිචාරයක් ලෙස මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

රජයේ පශු වෛද්‍ය කාර්යාල, වනජීවී දෙපාර්තමේන්තු, සත්වෝද්‍යාන, නිරෝධායන සේවා, මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය ඒකක සහ අදාළ ආයතනවල සියලුම පශු වෛද්‍යවරුන් අද අසනීප නිවාඩු ලබා ඇති අතර රාජකාරියට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව ඔහු පැවසුවේ.

සංකේත වැඩ වර්ජනය හෙට (10) උදෑසන 6.00 ට අවසන් වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27