spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ ආයතනවල වියදම් කපා හැරීම 6%ක් දක්වා ඉහළට

2023 අයවැයට අදාළව රාජ්‍ය ආයතන වල වියදම් කපා හැරීම 6%ක් දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර පසුගිය 09 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරුනේ මෙම වියදම් 5%කින් කපා දැමීමටයි.

කෙසේ වෙතත් ඊයේ (16) රැස්වූ කැබිනට් මණ්ඩලය එය 6%ක් දක්වා තවත් 1% කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ.

එලෙස අලුතින් කපා හැරීමට තීරණය කළ 1%ක ප්‍රමාණය අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා අතිරේක ප්‍රතිපාදන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

4 5
5 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?