spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයට සල්ලි ඉතිරි කරන්න ක්‍රීඩා ඇමති පොදු ප්‍රවාහනයට බසී (විඩියෝ)

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අද (07) උදෑසන පොඩි මැණිකේ දුම්රියෙන් කොළඹ සිට මහනුවර බලා යාමට ගමන් ආරම්භ කළා.

මහනුවර – පල්ලෙකැලේදී අද (07) පැවැත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා හා තරුණ කටයුතු ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහනට එක්වීම සඳහා අමාත්‍යවරයා මෙලෙස කොළඹ කොටුවේ සිට මහනුවර බලා දුම්රියෙන් පිටත්ව ගිය බවයි වාර්තා වුණේ.

රජයේ වියදම් අවම කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව, තම අමාත්‍යංශයේ කටයුතු වලදී ගමන් වියදම් සඳහා වැය කෙරෙන මුදල අවම කරගැනීමට සිය ගමන් සඳහා මෙලෙස පොදු ප්‍රවාහන සේවාව භාවිත කිරීමට අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

මෙම ගමන සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ද එක්ව සිටියා.

https://youtu.be/7NvIGtoxtQM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?