spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයට වී දෙන්න ගොවීන් කැමති නෑ – කෘෂිකර්ම ඇමති

වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමට සූදානම් නමුත් ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට වී ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ (04) මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කවර අවස්ථාවක වුවත් අවශ්‍ය ප්‍රමාණයකින් වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම වී අලෙවි මණ්ඩලයේ ඕනෑම වී ගබඩාවක් විවෘතව තැබීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දැනට රජය සතුව ප්‍රමාණවත් තරම් වී සහ සහල් සංචිත නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?