රජයට වරම් ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගැනීමට නොවේ – විපක්ෂ නායක

ජනාධිපතිවරයාට රටේ බලයට වරම හිමිවූයේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මිස විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වෙනස් කර විධායකය අධිකරණයට බලපෑම් කර අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගැනීමට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ, අනුව රටේ ක්‍රමයේ වෙනසක් ඇති කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට බලය ලබාගත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රට තුළ ඒකාධිපතීත්වය, ආඥාදායකත්වය, තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට කළ හැකි සියලුම ක්‍රියාදාමයන් එනම්, ව්‍යවස්ථා සංශෝධනයක් පවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මේ වන විට අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙ‍ලෙසන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන අධිකරණය යන කුළුණ විනාශ කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

එහිදී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන කුළුණු තුන මත බවත්, මෙහි බලය බෙදීයාම සහ සංවරණ හා තුළන ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හෝ අධිකරණ ඇමතිවරයාට නොතේරෙන්නේ නම් මොන්ටෙස්කු හි Sprit of law යන කොටස කියවා බලන ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.

විධායකය ගරු අධිකරණයට අත පෙවීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන බවත් මේ වන විට අධිකරණයේ ස්වාධීනත්වයට ජනතාව තුළ ගරු අධිකරණය ගැන ඇති විශ්වාසනීයත්වයට විනිසුරුවන්ගේ විශ්වාසනීයත්වයට හානිදායක වන ආකාරයට මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට රජය කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14