රජයට උදව් කරන්න සූදානම් – හැබැයි ජනතාවගේ පැත්තේ ඉඳලා – ඩලස් අලහප්පෙරුම

අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනතාවගේ පැත්තේ සිට රජයට උදව් කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා  පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාජාසන කතාවේදී අලංකාර වචන භාවිතා කළ බව කී අලහප්පෙරුම මහතා මහජන ප්‍රශ්නවලට සංවේදී නම් එය ප්‍රදර්ශනය කළ යුත්තේ වචනවලින් නොව ඉන් ඔබ්බට ගිය ක්‍රියාවෙන් බව ද සඳහන් කළේය.

මහජන පීඩනය හා ආතතිය සමඟ ගණුදෙනු කිරීමේදී සංවේදී වන ලෙස තම කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත්, ඉන්ධන පෝලිම්වල 26ක් මියගොස් ඇති තත්වයකදී තුළ මර්දනයේ යන්ත්‍රයක් තුළින් ජනතා පීඩනය යට කළ හැකි බව සිතනවා නම් එසේ සිතන අය ලෝක ඉතිහාසයේ එසේ ක්‍රියා කළ නායකයන්ට අත්වූ ඉරණම ගැන යළි සිතාබැලිය යුතු බව ද ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.

මෙම අවස්ථාවේදී මහජන බදු මුදල් ඇමතිවරුන්ගේ වරප්‍රසාද වරදාන ලෙස භාවිතා නොකරන ලෙස තම කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද මන්ත්‍රීවරයා පැවසීය.  

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙහිදී පැවසුවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ අතර සම්මුතියක් ඇතිකරගෙන ජනතාවට යහපතක් වෙන සියලු දේට රජයට සහය ලබාදෙන බවත්, එහිදී ඇමතිධූර හෝ කිසිම තනතුරක් භාරනොගන්නා බවත්ය.

මේ අවස්ථාවේ කැබිනට් මණ්ඩලය තර නොකර ජනතාවට අවශ්‍ය දේට මූලිකත්වයදීම සඳහා මුදල් වෙන්කළ යුතු අතර, ඇමතිවරුන්ගේ හා රාජ්‍ය ඇමතිවරුන්ගේ සුඛ විහරණය සඳහා ඒ මුදල් යෙදවීම සුදුසු නැතැයි ද මහාචාර්යවරයා පැවසීය. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00