රජගෙදර විදුලි ඉස්ත්‍රික්කය සොරාගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

පසුගිය 09 වනදා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් විදුලි ඉස්ත්‍රික්කයක් සොරකම් කළ සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාල සැකකරු ඊයේ (28) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

පසුගිය 09 වනදා අරගලකරුවන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේ දී මෙම පුද්ගලයා විසින් එහි තිබූ විදුලි ඉස්ත්‍රික්කයක් සොරාගෙන ගොස් තිබුණා.

මේ අතර අරලියගහ මන්දිරයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20