spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජගෙදර විදුලි ඉස්ත්‍රික්කය සොරාගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

පසුගිය 09 වනදා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් විදුලි ඉස්ත්‍රික්කයක් සොරකම් කළ සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාල සැකකරු ඊයේ (28) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

පසුගිය 09 වනදා අරගලකරුවන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේ දී මෙම පුද්ගලයා විසින් එහි තිබූ විදුලි ඉස්ත්‍රික්කයක් සොරාගෙන ගොස් තිබුණා.

මේ අතර අරලියගහ මන්දිරයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?