රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා ඇමති නිකුත් කළ ගැසට්ටුවට අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා රග්බි ආයතනයෙහි පරිපාලන කටයුතු ඇතුළු අනෙකුත් කටයුතු වලට මැදිහත් වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ඔහුගේ නියෝජිතයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් විසින් ගොනුකළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ, මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ..

එම තහනම් නියෝගයට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ඔහුගේ නියෝජිතයින්ට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලන කටයුතුවලට මැදිහත් වීම තහනම් කෙරෙන තිබෙන බව ද නියෝගයේ සඳහන් වෙනවා.

මෙම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බව නියෝගයේ සඳහන් වුණා.

කෙසේ වෙතත් මෙම නඩුවේ විභාගය මාස තුනක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ජුලි මස 25 වනදා ට පෙර ගොනුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 06 වනදා සිදුකරන බවත් නියෝග කළා.

මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ තහනමට එරෙහිව එහි සභාපතිවරයා ආසියානු රග්බි ආයතනය වෙත ඉදිරිපත් කළ අභියාචනය එම ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අද (14) පෙරවරුවේ විද්‍යුත් තැපෑල මාර්ගයෙන් දැනුම් දී තිබෙන බවත් දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26