රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ගෝල්ෆේස් අරගලකරුවන් හතරකට ඇප

පොලිස් මුලස්ථානය ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයක දී රාජ්‍ය දේපලට හානිකිරීමේ චෝදනාව මත අතඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පිරිසගෙන් සිව්දෙනෙකුට අද (24) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

විත්තිකාර පාර්ශ්වය විසින් යොමුකරනු ලැබූ මෝසමකට අදාලව මෙම ඇප ලබාදම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, එරංග ගුනසේකර සහ ධම්මික මුණසිංහ යන අයට අද (24) දින ඇප නියම කෙරුනා.

කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ විසිනුයි අදාල ඇප නියම කරනු ලැබුවේ.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.

අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ රතිඳු සේනාරත්න (රැට්ටා) යන පුද්ගලයට ඇප හිමි වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00